සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයක්… 73ක් මිය යති… වාහන 35 ගිනි තබා හැඳුනුම්පත් පරීක්ෂා කරමින් මිනිස්සු මරලා….

by editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ දී ඊයේ (26) බෙදුම්වාදී සටන්කාමීන් කණ්ඩායමක් විසින් පොලිස් ස්ථානවලට, දුම්රිය මාර්ග සහ මහාමාර්ගවලට එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව ආරක්ෂක හමුදා විසින් ප්‍රතිප්‍රහාර දියත් කර බවත් එහිදී අවම වශයෙන් පුද්ගලයින් 73 දෙනෙකු මිය ගිය බවත් පකිස්ථාන බලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ගිනි තැබු වාහන….

වරායක් සහ රන් හා තඹ පතලක් සහිත සම්පත් වලින් සශ්‍රික දැනට චීනය විසින් මෙහෙයවන ප්‍රධාන ව්‍යාපෘතිවල නිවහන වූ නිරිතදිග පලාත දිනා ගැනීම සදහා දශක ගනනාවක් පුරා පැවති කැරැල්ලකට එරෙහිව සටන් වදින වාර්ගික සටන්කාමී  කණ්ඩායමක්වන  බලොච් විමුක්ති හමුදාව (BLA)  වසර ගණනාවක් පුරා දියත් කර ඇති ප්‍රහාර වලින් ප්‍රබලම ප්‍රහාරයක් ලෙස මෙය සැලකේ. 

බලොච් විමුක්ති හමුදාවේ (BLA) “Haruf” හෝ “අඳුරු සුළං කුණාටුව” ලෙස හැඳින්වූ සන්නද්ධ සටන්කාමී කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබිණි.

බලොච් විමුක්ති හමුදාව යනු දරිද්‍රතාවය බහුල පළාතේ ගෑස් සහ ඛනිජ සම්පත් අසාධාරණ ලෙස සූරාකන බව පවසමින් මධ්‍යම ආන්ඩුවට එරෙහිව සටන් කරන වාර්ගික කැරලිකාර කණ්ඩායම් කිහිපයකින් විශාලතම කණ්ඩායමය. ඔවුන්ගේ සටනේ අරමුණ වී ඇත්තේ මෙම ප්‍රදේශයෙන් චීනය නෙරපා බලුකිස්තානයට නිදහස්කර ගැනීමය.

2006 දී පකිස්ථාන ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද බලුච් ජාතිකවාදී නායක අක්බාර් බුග්ටිගේ මරණයේ සංවත්සරය සමරා තිබුනේ මෙම ප්‍රහාරයෙනි.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

“මෙම ප්‍රහාර පාකිස්තානය අරාජික කිරීමට හොඳින් සිතා බලා කළ සැලසුමක්” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Mohsin Naqvi නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන අධිවේගී මාර්ගයක බස් රථ සහ ට්‍රක් රථ ඉලක්ක කර එල්ල වූ මෙම දැවැන්ත ප්‍රහාරයෙන් පසු ඇති වූ සටනින් සොල්දාදුවන් සහ පොලිසිය 14 දෙනෙකු සහ සටන්කාමීන් 21 දෙනෙකු මිය ගිය බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.

මගීන් මරා දැමුවා

ඉරිදා රාත්‍රියේ සන්නද්ධ මිනිසුන් මහා මාර්ගයක් අවහිර කර, මගීන් වාහනවලින් බැස්සගෙන ගොස් ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන්ට වෙඩි තැබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයුබ් අචක්සායි රොයිටර් පුවත් සේවයට පවසා ඇත. 

එම වාර්තා අනුව  මුසාකායිල් ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ වාහන 35ක් පමණ ගිනි තබා ඇත.

“සන්නද්ධ පුද්ගලයින් මගීන් ඝාතනය කළා පමණක් නොව ගල් අඟුරු රැගෙන ගිය ට්‍රක් රථවල රියදුරන් ද ඝාතනය කළා” යැයි ප්‍රදේශයේ නියෝජ්‍ය කොමසාරිස් හමීඩ් සහීර් පැවසීය.

සටන්කාමීන් පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ කම්කරුවන් ඉලක්ක කර ඇති අතර ඔවුන් තම භූමියේ සම්පත් සූරාකන්නන් ලෙස සලකති.

ගිනි තැබු වාහන…

බලුකිස්තාන මහ ඇමති ගේ ප්‍රකාශය

බලුකිස්ථානයේ මහ ඇමතිවරයා පැවසුවේ සිවිල් වැසියන් 38 දෙනෙකු ද මිය ගිය බවයි. ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට වෙඩි තැබීමට සහ වාහනවලට ගිනි තැබීමට පෙර සන්නද්ධ මිනිසුන් මගීන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කළ බවත් ඉන් වාහනවලින් බස්සවා සිදුකළ ප්‍රහාරයෙන් ඔවුන්ගෙන් 23 දෙනෙකු මිය ගිය බවයි.

“මිනිස්සු බස්වලින් බස්සලා ඔවුන්ගේ පවුල් ඉදිරිපිට මරා දැමුවා,” මහ ඇමති සර්ෆ්රාස් බුග්ටි රූපවාහිනී මාධ්‍ය හමුවකදී පැවසීය.

පලාත් අගනුවර පකිස්ථානයේ සෙසු ප්‍රදේශ හා සම්බන්ධ කරන දුම්රිය පාලමක පිපිරීම් හේතුවෙන් Quetta සමඟ දුම්රිය ගමනාගමනය අත්හිටුවන තිබේ. සටන්කාමීන් අසල්වැසි ඉරානයට විහිදෙන දුම්රිය මාර්ගයකට ද පහර දුන් බව දුම්රිය නිලධාරි මුහම්මද් කෂිෆ් පැවසීය.

පොලීසිය පැවසුවේ, දුම්රිය පාලමට ප්‍රහාරය එල්ල වූ ස්ථානය ආසන්නයේ තිබී තවමත් හඳුනා නොගත් මළ සිරුරු 6ක් සොයාගත් බව ය.

පකිස්ථානයේ විශාලම, එහෙත් ජන ගහණය අඩුම පළාත බලුකිස්තානයයි.  මෙම ප්‍රහාරයෙන් පසු චීනයේ මහජන විමුක්ති හමුදාවේ ගොඩබිම් බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් ලී කියෝමිං සහ පාකිස්තානයේ හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් සඳුදා හමුවූ නමුත් රැස්වීමෙන් පසුව පාකිස්තාන හමුදාව කළ ප්‍රකාශයේ ප්‍රහාර ගැන සඳහනක් නොතිබිනි. 

ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර එල්ල කර වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවට පකිස්ථාන  අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රතිඥා දී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යෝගට් හදන්නට ගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු දියර කිරි ලීටර 400ක් විනාශ කරයි!

Next Post

ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනක්

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.