බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු තීන්දුවක් කඩන්න ඔයාලටත් බෑ… අපිටත් බෑ… නඩු තීන්දුවට අනුව කටයුතු කරන්න… බිමල් බෙදුම්කරුවන්ට දන්වයි!

හිඟයකින් තොරව රට පුරා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට රජය සහතික වෙයි...

by editor
මාර්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජය කටයුතු කර ඇත්තේ උසාවි නියෝගයක් මත බවත්, එම උසාවි නියෝගය රජයට හෝ බෙදුම්කරුවන්ට කැඩීමට නොහැකි බැවින් වගකීමෙන් කටයුතු කරන ලෙස සියලුම බෙදුම්කරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සභානායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

උසාවි තීන්දුව ද ප්‍රකාශ කළ සභානායකවරයා කීවේ මේ වනවිට නිශ්චිත බෙදාහැරීම් අඛණ්ඩව සිදුවන බවය.

රජය පාර්ශවයෙන් අදහස් දක්වමින් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ අද දිනය පුරා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඇණවුම් භාරගැනීම සිදුවන බවත් පවතින තත්ත්වය සමාලෝචනය කර ඉරිදා දිනයේ ද ඇණවුම් භාර ගැනීමට කටයුතු කරන බවත්ය .

“අද දවස ඇතුළතත් ඇණවුම් භාර ගන්නව. අද හවස් වෙනකොට තත්ත්වය තක්සේරු කරලා සාමාන්‍යයෙන් ඉරිදා දවසේ ඇණවුම් භාරගන්නේ නෑ. ඉරිදත් අපි ඇණවුම් භාරගන්න කටයුතු කරනවා. තෙල් හිඟයක් ඇතිවන බවට සිතලා පෝලිම්වල ඉඳලා වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ගහගන්න එක ප්‍රශ්නයක් නෑ. තෙල් තියනවා. බෙදුම්කරුවන් තෙල් අණවුම් කරලා තියෙන්නේ. බෙදා හැරීමට සීපීසී එක කටයුතු කරනවා.
කලබල වෙන්න එපා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න අයටත් අනෙක් අයටත් කියන්නේ. බෙදුම්කරුවන් ඉතාම සීමිත පිරිසක් විතරයි මේ ක්‍රියාමාර්ගයේ නිරත වෙලා ඉන්නේ. අනිත් අය තෙල් ඇනවුම් කරලා තෙල් අරන් යනවා. ජනතාවට පෝලිම්වල ඉන්නේ නැතිව තෙල් ගහගන්න පුලුවන්.”

අනතුරුව අද දිනයේ තෙල් බෙදා හරින ආකාරය සම්බන්ධව විස්තරයක් ද සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අද දිනය වනවිට තෙල් රටපුරා බෙදා හරින්නේ කොහොමද කියලා කොහොම ඔඩ්ර්ස් ප්ලේස් වෙලා තියෙන්නේ කියලා මම කියන්නම්. සීපීසී එක හැර ආයතන 04ක් තියනවා තෙල් බෙදා හරින.

සී.පී.සී එකට ඕඩර්ස් 1869ක් ලැබිලා තියනවා. . එකෙන් 1696ක්ම ලබා දීලා තියනවා. LIOC ආයතනයෙන් 480ක් ඔඩ්ර් කළා. ඒ ඕඩර්වලින් 471ක් ඩිලිවර් කරලා තියනවා. සයිනොපෙක් ආයතන 399ක් ඕඩර් කරලා 391ක් ඩිලිවර් කරලා තියනවා. RM Parks-Shell ආයතනය 377ක් ඕඩර් කරලා තියනවා. 366ක් බෙදා හැර තියනවා.

තෙල් හිඟයක් ඇතිවෙන්න හේතුවක් නෑ. තෙල් බෙදා හැරීම් කරලා තියනවා.

අප සතුව තියනවා මේ පිළිබඳව Civil Appellate High Court එකේ දාලා තියන නඩුවේ තීන්දුව. එය හැන්සාඩ්ගත කරනවා. මේ ගත්තේ ආණ්ඩුවෙ තීරණයක් නෙමෙයි. මේක උසාවිය හැම පැත්තම දිහා බලලා ලබා දුන්න තීන්දුවක්. බෙදුම්කරුවන් ඉල්ලා සිටිය පසුගිය ආණ්ඩුවලින් පවා ගත්තු තීන්දු අත්හිටුවන්න කියලා. බැහැයි Civil Appellate High Court එක තීරණය දැනුම් දීලා තියනවා. ඒ තීරණය තුළ සඳහන් කරලා තියනවා මේ ඩීලර්සලාට වඩා අවාසි තැනක තමයි ජනතාව ඉන්නේ කියලා.

ඒ වගේම උසාවිය මේ පැමිණිල්ල දාපු කට්ටියට කියලා තියනවා ඒ ගොල්ල දාපු හැම නඩුවටම ගාස්තු ගෙවන්න කියලා. නඩු තීන්දුවට අනුව අප කටයුතු කරලා තියෙන්නේ.

ඒ ව්‍යාපරික මහත්වරුන්ගෙන් අපි කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි අනවශ්‍ය ප්‍රශ්න දරන්න බෑ. උසාවි නියෝගයක් කඩන්න අපටත් බෑ. ඔවුන්ටත් බෑ. ඒ නිසා නඩු තීන්දුවට අනුව කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් හිඟයක් මවන කඩාකප්පල් කාරී තැනකට ගියොත් ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා… ” නියෝජ්‍ය මුදල් ඇමති අනතුරු අඟවයි…

Next Post

අස්වනු නෙලීමට සතියකට පෙර වැටුණු අකල් වැස්සට මහවැලි කුඹුරු අක්කර 2000ක් ජලයෙන් යටවේ…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.