බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මික පෙරේරා එක්ක කිසිම ඩීල් එක්ක නෑ… මන්නාරම සුළං විදුලි බලාගාර ටෙන්ඩරයට වුන දේ බලශක්ති ඇමති කියයි!

by editor
පෙබරවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිවෙක් සමග ඩීල් එකක් නැති බවත් මන්නාරම සුළං විදුලි බලාගාරයට අදාල ටෙන්ඩරය ලබා දී ඇත්තේ අඩුම ලංසුවට බැවින් වසර විස්සක කාලය තුළ ඉන් ජාතිය උපයා ගන්නා ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් බවත් බලශක්ති ඇමති කුමාර ජයකොඩි අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් ලේඛන සහිතව මන්නරාම සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ප්‍රදානයේ දී සිදුවී ඇති දූෂණය පිළිබඳව කළ හෙළිදරව්වට රජය පාර්ශවයෙන් පිළිතුරු ලබා දෙමිනි.

ඇමතිවරයා කීවේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සිදුකළේ ඇතැම් කරුණු වසන් කර ඇතැම් කරුණු මතු කරමින් සත්‍ය විකෘති කිරීමක් බවය.

ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය වසරේ කැඳවන ලද මන්නාරම ඉදිකිරීමට මෙගාවොට් 50ක විදුලි බලාගාරය සඳහා 2024 මැයි මස 09 වැනි දින විවෘත කරන ලද ටෙන්ඩරය සඳහා ලංසු පත් පහක් ලැබිලා තිබුණා.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

එහිදී තාක්ෂණික ලංසු ඇගයීමේ දී ලංසු දෙකක් ප්‍රතික්ෂේප වුනා. ඉන් හේලීස් පෙන්ටන්ස් සමාගම ලබා දුන් ලංසු ඇපකරය ලන්සු කොන්දේසි මත නොගැලපේ යැයි කරන ලද නිර්දේශය මත ඉවත් කළා.

ඉන් පසු ලැබුනු ලන්සු තුනේ මූල්‍ය ලංසු විවෘත කෙරුණා. මූල්‍ය ලංසු විවෘත කිරීම අනුව
අංක 1 – වින්ෆෝස් සමාගම කිලෝ වොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 4.88ක් ඉදිරිපත් කරලා තිබුණා.
අංක 2 – කොන්සෝටියම් ඔෆ් විදුලංකා යුනිවර්සල් එනජි සහ ස්ක්වෙයාමෙක් කියන සමාගම් තුන එකතු වෙලා කිලෝවොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 4.98ක් ඉදිරිපත් කළා.
අංක 3 – ලක්දනවි සමාගම කිලෝවොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 5.90ත් ඉදිරිපත් කරලා තිබුණා.

ඒ අනුව අවම මිල ඉදිරිපත් කළ වින්ෆෝස් සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට අදාල ටෙන්ඩර් කමිටුව විසින් නිර්දේශ කරලා තිබුණා.

නමුත් මුලින්ම තාක්ෂණික ලන්සු ඇගයීමෙන් ඉවත් කළ හේලිස් පෙන්ටන් සමාගම ශ්‍රි ලංකාවේ පවතින ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලතා අනුව 2024 අගෝස්තු 02 දින ඉහත තීරණයට විරුද්ධව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට පැමිණිලි කළා.
ඒ අනුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය 2024 අගෝස්තු මස 15 වැනි දින නියම කළා තාක්ෂණික ඇගයීමේ දී පැමිණිලි කරුගේ මූල්‍ය ලංසු විවෘත නොකිරීමට ඉදිරිපත් කළ හේතුව සාධාරණ නොමැති බව.

ඒ අනුව පැමිණිලිකරුගේ මුල්‍ය යෝජනාව විවෘත කරන ලෙසත් නිර්දේශ කළා එම කමිටුව.

එම උපදෙස් අනුව පැමිණිලකරුගේ මූල්‍ය ලංසුව විවෘත කළා. එහිදී ඔහු විසින් කිලෝවොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 4.65ක මිලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අතර කලින් ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නියමිතව තිබූ වින්ෆෝස් සමාගම නඩුවක් පැවරුවා. ඒ නඩුව ඔවුන්ම ඉල්ලා අස් කරගත්තා. ඒක ඩීල් එකක් නෙමෙයි. ඔවුන් ඒ ගැන මෙහෙම පැහැදිලි කරලා තියනවා.

“As you are aware believing in the integrity Of new government we decided withdraw from the court case of 50 MW Mana in tender…”

ඒක තමයි ඒ ගොල්ල ඒක ඉවත් කරගැනීම පිළිබඳ පැහැදිලි කිරීම. ඒක ඩීල් එකක් නෙමෙයි.

ඒ අනුව ටෙන්ඩරය සඳහා අවම මිල විදිහට ආවේ හේලීස් පෙන්ටස් සමාගම. ඒ ගොල්ලන්ගෙ මිල ආවේ කිලෝ වොට් එකකට ඩොලර් ශත 4.65යි. ඒකට ප්‍රදානය කරන්න කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේෂන් කමිටි එක අනුමත කළා. ඒ අනුව මූලික නිර්දේශයට වඩා කිලෝ වොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත දශම 23ක අඩු මිලක් වගේම මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කාලය වන අවුරුදු 20ක් සඳහා ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ඉතිරියක් රටට ලැබුණා. මේ ටෙන්ඩරය අදාල කොන්ත්‍රාත් සමාගමට ප්‍රදානය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට විදුලි බල මණ්ඩලය වෙත අප අමාත්‍යාංශය වශයෙන් දැනුම් දීලා තියනවා. ඒ අය ඒ වැඩ ටික කරගෙන යනවා.

විශේෂයෙන්ම කියන්න ඕන ඊයේ අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මේක කැබිනට් පේපර් එක ඉංග්‍රීසියෙන් තිබුණ හින්දා තේරුම් ගන්න අමාරු ද කියලා. හැබැයි අපි භාෂා තුනෙන්ම ඉදිරිපත් කරනවා. ඒකේ ඩීටේල් තියනවා ඩීටෙල් බැක්ග්‍රවුන්ඩ් තියනවා. රෙකමන්ඩේෂන් තියනවා. ඊට පස්සේ තමයි අපි අනුමැතිය දෙන්නේ.

ඒත් ඩීටේල් එකේ තියන කරුණු ටිකක් අරන් ලොකු මාධ්‍ය සංදර්ශනයක් දැම්මා ලේකම් තුමා මෙහෙම දැනුම් දීලා තියනවා.. මෙන්න මෙහෙම නිසා බෑ කියලා. එකෙ බැහැයි කියපු එක තාක්ෂණික ඇගයීම් කමිටුව කියපු දේයි සඳහන් කරලා තියෙන්නේ.

ඒක සදහන් කිරීම අත්‍යාවශ්‍යයයි. මොකද ඒක ඩීටේල්එක දෙන්න ඕන කැබිනට් එකට. ඒක උපුටා දක්වලා රටේ හැමෝම නොමග යවන ආකාරයෙන් කටයුතු කරන බවත් පෙන්නුවා. එම ප්‍රකාශය සාවද්‍ය සහ කරුණු විකෘති කිරීම සඳහා සමහර කරුණු ඉදිරිපත් නොකිරීම මත සිදුකළ ප්‍රකාශයක්.

ඒ නිසා මේක තමයි තත්ත්වය. මේක අපේ රජය විසින් පටන් ගත්ත එකක් නෙමෙයි. ප්‍රොකියුමන්ට් එක හරි විදිහට ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒකෙ ප්‍රදානයට අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ. එතන ප්‍රමාදයක් නෑ…

මේ ලිපියත් කියවන්න….

ධමිමික පෙරේරා සමග එන්පීපී ආණ්ඩුවට ඩීල් එකක ද?… මුජිබර් රහුමාන් ශුද්ධවන්යින්ගේ ආණ්ඩුවේ පතිවත හෙළි කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිබුනු ආරක්ෂාව ඉල්ලා මහින්ද ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වේ!

Next Post

ගැඹුරු මුහුදේ අසාධ්‍ය වුන ධීවරයෙක් බේරා ගන්න නාවික හමුදාව දියත් කළ මෙහෙයුම….

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.