දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි නිල් මාල ගිරවෙකු මාස අටක සිට අතුරුදන් බවට සත්වෝද්‍යාන නිලධාරින් විසින් පැමිණිල්ලක් කර තිබේ.
මෙම නිල් මාල ගිරවා 2021 මැයි 7 චන දා සිට අතුරුදන් බව සත්ත්වෝද්‍යාන නිලධාරින් කළ පැමිණිල්ලේ සඳහන් බව කියැවේ.
කොරෝනා සීමා පැවති සමයේදී සේවකයන්ගේ රාජකාරි සතියෙන් සතිය වෙනස් වන සේ සේවා චක්‍රය සකස් කර තිබූණි.
ඉකුත් 2021 මැසි මස සිට ආරම්භ වූ සතියේ නිල් ගිරවුන් කූඩුව භාර සේවකයා රාජකාරිය භාර ගැනීමට පැමිණීමේදී එහි සිටි එක් නිල් මාල ගිරවෙකු අතුරුදන්ව ඇති බවට සත්ත්ව භාරකරුට දැනුම් දී තිබේ.
ඉන් පසුව මේ පිළිබඳව ඔහු විසින් තම කාර්යාලයීය දෛනික වාර්තා පොතේ ලොග් සටහනක් තබා පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දීම්ට ද පියවර ගෙන තිබිණි.
තත්ත්වය එසේ තිබියදී අතුරුදන් වූ නිල් මාල ගිරවා සොයා පාලනාධිකාරිය විමර්ශනයක් නොකිරීම් සම්බන්ධයෙන් තමන් අවස්ථා ගණනාවක දීම පාලනාධිකාරියෙන් විමසීම් කළ ද ඔවුන් මුනිවත රකිමින් සිටි බව පැවසේ.
අනතුරුව චත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩ භාරගැනීමෙන් කළ පැමිණිල්ලකට අනුව අභ්‍යන්තර කම්ටුවක් හරහා මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
නිල් මාල ගිරවා අතුරුදන් කිරිමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා නිතිය ක්‍රියාත්මක කරන ලෙසට කළ පැමිණිල්ලේ සඳහන් ය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







