දෙමළ බස කතාකරන ජනතාව මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සහිත යෝජනාවලියක් සම්පාදනය කිරීමේ අරමුණින් රටේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ අද (12) කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, සෙල්වම් අඩෙක්කලනාදන්, ටී.සිද්ධාර්ථන්, සී.වී.විග්නේෂ්වරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එන්.ශ්‍රීකාන්තා, ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.







