දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ උපුටා දක්වමින් මව්බිම වාර්තා කරයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගිය සැප්තැම්බර් සිට පෙරගෙවුම් ප්‍රවේශ පත්‍ර ක්‍රියාත්මක වන බවත් ලබන අප්‍රේල් සිට මුළුනින් ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ත් දෙපාර්තමේන්තුව කියයි.
මගීන් 1,000ක් 1,500ක් පමණ සංඛ්‍යාවක් දැනට පෙරගෙවුම් ප්‍රවේශ පත්‍ර භාවිත කරන්නේ යැයිද “Pravesha” වෙබ් අඩවිය මගින් ප්‍රවේශපත් ලබාගත හැකි යැයි ද ඔහු කීය.
පෙරගෙවුම් ප්‍රවේශ පත්‍ර ප්‍රවර්ධනය හරහා දුම්රිය පොළවලදී වාර ප්‍රවේශපත් ලබාදීම ඉදිරි වසර හතර ඇතුළත අහෝසි කිරීමට අපේක්ෂා කරන බවද ඉදිපොලගේ කීවේය.
ඉදිරියේදී මේ සඳහා ඇප් එකක් හඳුන් දීමට නියමිත යැයි ද ඔහු වැඩිදුරට ත් පැවසීය. ( මව්බිම)







