පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්ක හතර ට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (25) පෙරවරු 7.30 සිට හෙට පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නායයෑම් අවදානම් නිවේදනය නිකුත් කර ඇත.
අදාල දිස්ත්රික්කවල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.