කොළඹ දිසා අධිකරණයෙන් ප්රකට යූ ටියුබ්කරුවෙක් වූ සුදන්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. .
දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල තම නීතිඥයන් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණයේ ගොනුකරන ලද නඩුකරයකට අදාළව මෙකී වාරණ නියෝගය අධිකරණයෙන් නිකුත් කර තිබේ.
එම නඩුකරයේ විත්තිකරුවන් වන සුදත්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චිගේ යන දෙදෙනාටම එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත. එම වාරණ නියෝගයට අනුව පැමිණිලිකාර ප්රදීප් නිලංග දෑල ට එරෙහිව සෘජුව හෝ වක්රව අපහාස වන අයුරින් ප්රවෘත්ති පළ කිරීම හෝ ප්රකාශයන් පළ කිරීම මෙන්ම ඕනෑම ආකාරයක අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම තහනම් කර තිබේ.
විත්තිකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන යූටියුබ් නාලිකාවන්හි එවැනි දේ පළ කිරීමද එකී වාරණ නියෝගය මගින් තහනම් කර ඇත.
පැමිණිලිකාර ප්රදීප් නිලංග දෑල වෙනුවෙන් නීතිඥ රසික දිසානායක, නීතිඥ අසංක ඩයනාත් , නීතිඥ චෙරාග් නිල්ගිරිය පෙනී උන්හ.







