බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිඳිමින් ආරණ්‍යයේ  නම  විකුණා යූ ටියුබ් හරහා මුදල් ගැරූ බේබදු චීවරධාරියෙක් දිඹුලාගල ආරණ්‍ය සේනානයේදීම අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයින් රවටා, ආරක්ෂාවන් සලසා, යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන වංචා රැසක් සිදුකර ඇති බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සිටි භික්ෂු ප්‍රතිරූපක චීවර ධාරියෙක්  ඊයේ ( 02 )   රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

තංගල්ල මුවන්පැලැසේ ප්‍රදේශයේ සිට පැමිණි දෙදරු පියෙකු වන පී.එස්.එම් සනත් යන අයෙකු අවස්ථා දෙකකදී කරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිලිකරු සමග පොලිසිය මෙම භික්ෂුව සිටිනා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගිය විට  පොලිසිය ඉදිරිපිට ඔහු විසින් පැමිණිලිකරුට   පහර දුන් බවත්,  පැමිණිලිකරු තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ මේ අවස්ථාව වනවිට උක්ත චීවර ධාරියා අධික ලෙස බීමත්ව සිටි බවය.

ඒ අනුව පොලිසිය  විසින් වියරු ලෙස හැසිරෙන මෙම බීමත් චීවරධාරියා අත් අඩංගුවට ගත් පොලිසිය  අද ( 03 )   පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කරන බව පැවසුවේය.

මෙම භික්ෂුව දිගු කලක සිට තම යූටියුබ් නාලිකාව හරහා විවිධ පුද්ගලයින් රවටා ඔවුනට ආරක්‍ෂාව, රැකවරණය, යන්ත්‍ර    මන්ත්‍ර ගුරුකම් මෙන්ම නිවාස ආරක්ෂාව, ඇතුළු ලෙඩ රෝග සුවකර දෙන බවට ප්‍රචාරණයක් දී  දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවද මූලික පරීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

භික්ෂුවගෙන්  පහර කෑමට ලක් වූ පුද්ගලයා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.    එම පුද්ගලයා ද  අදාල භික්ෂුවගේ ගිණුමට රුපියල් ලක්ෂයක් බැර කර ඇත.

මෙලස රැවටීමට ලක් වූ පුද්ගලයන් මෙම භික්ෂුව සොයාගෙන  රටේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලය පුරා  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණ තිබේ, එම අවස්ථාවේදී එම භික්ෂුව සැඟවුණු බවත්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තමන් වහන්සේට මෙම භික්ෂුව සම්බන්ධ යෙන් දුරකථන පැමිණිලි විශාල ප්‍රමාණයක් දෛනිකව ලැබෙමින් තිබෙන බවත් මේ පිළිබඳව අප කළ විමසුමකදී  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

ඒ අනුව තමන් වහන්සේ ද මේ සම්බන්ධව අදාල පොලිස් ස්ථානයට  සහ නිකායේ  මහානායක ස්වාමින්වහන්සේලාට දැනුම් දී ඇති බව නා හිමියෝ කීහ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සහ තමන්ගේ නව භාවිතා කරමින් මෙම භික්‍ෂුව සිදු කරන මහා ජාවාරමට  නොරැවටෙන ලෙස තමන් මීට පෙර ලක්වාසී සියලු දෙනාට  මාධ්‍ය මගින් දැනුවත් කළ බව ද දිඹුලාගල නා හිමියෝ කීහ.

මේ සම්බන්ධව  දැනුම්වත් නොවූ අය තවමත් භික්ෂුවගේ ගිණුම්වලට විශාල වශයෙන් මුදල් බැර කරන බවත්, යළිත් මෙම භික්ෂුවට නොරවැටෙන ලෙස සියලු ලක්වාසී ලෝකවාසී ජනතාවගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටින බවත් රාහුලාලංකාර නාහිමියන් අවධාරණය කළහ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිසරිකාරී බුද්ධික මනතුංගගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙහෙනින් වහන්සේ නමකට තිත්ත කතාවෙන් බැන තර්ජනය කරන මැරයින් දෙදෙනා අත් අඩංගුවට…

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් පොලිස් අත් අඩංගුවෙන් පලා යයි… පොලිසියේ 02ක ගේ වැඩ තහනම්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.