සුමිත් පොතුපිටිය –
ඩීසල් මිළ ඉහළයාමත් සමග දින දෙකක් ඇතුළත බස් ගාස්තු සංශෝධනයක් නොකලහොත් පෞද්ගලික බස් ගමන් නතරවන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ අද (01) පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ . ඩීසල් මිළ රුපියල් 15 න් ඉහළ යෑම බරපතල ලෙස දැනෙන බවය.
“අන්තර් පළාත් අතර දුවන අයට ලීටර් 100 ක් පමණ දිනකට වැයවන නිසා ඒ අයට සිදුවන පාඩුව රුපියල් 1500 – 2000 ක් පමණ වෙනවා. දුර පලාත් ගමනා ගමනයේ දි ගමන් වාරකයකින් සිදුවන පාඩුව රුපියල් 3000 – 3500 ක්… එය ඔවුන්ට දරාගන්න බෑ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ සහනාධාර ක්‍රමයට ඉන්ධන ලබාදෙන ලෙසයි. එවිට අපිට ඒ සහනය මගින්ට ලබාදෙන්න පුළුවන්. එහෙමනැතිනම් සිද්ධ විය යුත්තේ අඩුම තරමින් සියයට 5ක බස් ගාස්තු සංශෝධනයක්.”
දින දෙකක් තුළ මේ විකල්ප හදා නොදුනහොත් බස් ප්‍රවාහනය නවත්වන්නට නොව ඉබේම නවතින තැනට වැඩ කටයුතු යෙදෙන බව සභාපතිවරයා කීවේය.







