සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීමට කැප වෙමි… ජනපති කාන්තා දින පණිවිඩය නිකුත් කරමින් කියයි!

by editor
මාර්තු 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුමයි. 1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසුකාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් විය.

පසුගිය කාලය පුරා අප රටෙහිද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවීය. ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත්ය. ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන අතරම, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද සිහිපත් කරමි.

දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බව අවිවාදිතය.

එසේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය උදෙසා සමාජ සාධාරණත්වය ඉටුකරමින් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට මෙරට ජනගහනයෙන් 51.7%ක් වන කාන්තාවන් සක්‍රීයව හා ඵලදායීව සහභාගි කර ගැනීමේ සැලසුම් අපි ක්‍රියාවට නංවා ඇත්තෙමු. සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරමින් නිවස, ප්‍රවාහනය, ප්‍රජාව, වැඩබිම, දේශපාලනය ආදී සෑම ස්ථානයකම කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට, වෙනස්කර සැලකීමට එරෙහිව කටයුතු කරමින් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි රජයක් ලෙස ප්‍රමුඛත්වය දී ඇත්තෙමු.

ඒ අනුව “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම යන තේමාව යටතේ” තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” මැයෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව මෙහි ලා සිහිපත් කළ යුතුය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මාර්තු 08 වන දින

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සමරන කාන්තා දිනයේ කතාව…

Next Post

සෞඛ්‍ය ඇමතිට මතක් කිරීමක්… රජයේ රෝහල්වල ඖෂධ ගණනක හිඟය උග්‍රයි… .

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.