බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘දන්තජ ඔන් වීල්ස්’ ජංගම මුඛ සෞඛ්‍ය සේවා බස් රථය අද සිට ක්‍රියාත්මකයි….

by lankasara-editor
මාර්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ‘දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස්’ ඊයේ (12) ජංගම වෛද්‍ය සායනයක් ලෙස ‘දන්තජ ඔන් වීල්ස්’ නමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්නයෙන් එළිදැක්වීම සිදුවිය.
ඒ් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අති සුඛෝපභෝගී ජංගම බස් රථයක් තුළ සුව පහසු, ප්‍රතිකාර අසුන් දෙකක් සහිතව, ලොව නවීනතම තාක්ෂණය හා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය හා මගපෙන්වීම අනුව මුඛ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව දැන් උදාවී තිබේ. අමාත්‍යංශ, සංස්ථා, අධිකාරි ඇතුළු රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, පුද්ගලික විශ්වවිද්‍යාල හා ජාත්‍යන්තර පාසල්, කර්මාන්ත ශාලා, ප්‍රදර්ශන භූමි ඉලක්ක කර ගනිමින් ‘දන්තජ ඔන් වීල්ස්’ ජංගම මුඛ සෞඛ්‍ය සේවා බස් රථය අද දින සිට ක්‍රියාත්මක වනු ඇත.

 

විශේෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර ‘දන්තජ ඔන් වීල්ස්’ පිළිබඳව අදහස් දක්වමින්

මේ පිළිබඳ අදහස් දක්වමින් දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස්හි මෙන්ම ‘දන්තජ ඔන් වීල්ස්’ හි පුරෝගාමි විශෙෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර ,“අපි කරමින් සිටින්නේ හුදු දන්ත සායනයක් නෙවෙයි. හදිසි අනතුරු ආදියෙන් හෝ උපතින් පවා සිදුවිය හැකි යම් යම් විකෘතිතාවන් ඇතුළු ඕනෑම මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රතිකාර හා සත්කාරක සේවා අපි කරනවා. එහිදී ලෝකයේ දැනට භාවිතා කෙරෙන ඉහළම තාක්ෂණය, නවීන වෛද්‍ය උපකරණ, සත්කාරක සේවා සමඟ විශේෂඥ පුහුණුව ලද කාර්ය මණ්ඩලය ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන්න බැඳී ඉන්නවා. සමහරවිට ලෝකයේ දියුණුම රටවලටත් වඩා වැඩි කාර්යක්ෂමතාවකින්. ” යැයි ප්‍රකාශ කල අතර  වැඩිදුරටත් අදහස් දක්වමින් ‘දන්තජ ඔන් වීල්ස්’ යනු ලංකාවේ පළමු වතාවට රෝගී සත්කාරය වෙනුවෙන් සුව පහසු ආසන දෙකක් සහිතව නිර්මාණය කර ඇති නගරයෙන් නගරයට සංක්‍රමණය වන පළමු දන්ත සෞඛ්‍ය සේවා බස් රථය බවත් අදාළ ස්ථාන වෙත ගොස් උදේ සිට සවස් කාලය දක්වා දත් පරීක්ෂා කරමින් සියලු‍ම ලෙඩ රෝග පිළිබඳව වෛද්‍ය වාර්තාවක් එදිනම ලබාදෙන බව සඳහන් කර තිබේ. එමඟින් රෝගීන් ට තමන්ගෙ දත් සම්බන්ධව ඇති ගැටලු මොනවාදැයි කල් තියාම හඳුනා ගැනීමට හැකි වන අතර එම තත්වය උත්සන්න වීමට පෙර දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස් හරහා හෝ වෙනත් දන්ත සායනයක් හරහා ඊට ප්‍රතිකාර ලබාගැනීමට ඔවුන්ට හැකිවනු ඇති. අසලටම පැමිණ ප්‍රතිකාර සිදු කරන බැවින් අඩු වියදමකින් ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව රෝගීන්ට හිමි වේ.

මෙම අවස්ථාවට එක් වූ සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ තමන් ඇතුළු සංචාරක අමාත්‍යංශය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පොදුවේ සියයට සියයක සහයෝගය මෙම කටයුත්ත වෙනුවෙන් ලබාදෙන බවයි.ඊට අමතරව පිටරටවල ඉන්න විදේශිකයන් ඉලක්ක කරගෙන  විශ්‍රාම නිවාස සකස් කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේසෞඛ්‍ය සේවා සඳහා අවට රටවලින් ලැබෙන ඉල්ලුමත් ඉතා ඉහළ බවත් එහිදී සඳහන් කර තිබෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම අවස්ථාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, නිලධාරීන් මෙන්ම විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව තිබෙනවා.

Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරමේ මූල්‍ය කළමනාකරුවෙක් අත් අඩංගුවට…

Next Post

දැන් පොත් ලියලා මොකට ද? ගෝඨා පන්නපු සමහර කුමන්ත්‍රණකරුවො ඉන්නේ රාජපක්ෂ පවුලේ… මැදගොඩ අබයතිස්ස හිමියෝ කියති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.