ලලිත් චාමින්ද
වන්දනා නඩයක් රැගෙන කතරගම ගොස් ආපසු එමින් සිටි සුඛෝපභෝගි බස්රථයක් අද (01) පෙරවරුවේ දි දක්ෂිණ අධිවේගි මාර්ගයේ 88 වැනි කිලෝමිටර කනුව අසල දි මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් බසයේ ගමන්ගත් 15 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බැව් බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු හා කාන්තාවන් 04 දෙනෙකු වෙති.
ඔවුන් අතර තුවාල ලැබු ළමුන් තුන් දෙනෙකු සිටින බවද පොලිසිය පවසයි.
අනතුරෙන් වාහනයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර අනිකුත් අය සුළු තුවාල ලබා ඇති බව රෝහල් පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ මතුගම පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
මේ අතර 2023 නව වසර ආරම්භයත් සමග සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 67ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට අද දහවල් 12 දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා ව බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මාර්ග අනතුරු නිසා තුවාල ලද 17ක්, ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරු 04ක්, ඇදවැටීම් නිසා සිදුවූ අනතුරු 18ක්, ආරවුල්වලට මැදිවීම නිසා තියුණු ආයුධ පහර ලද 03ක් ඒ අරත වන බව රෝහල් ආරංචි මාර්ග කියයි.







