බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොරතුරු දැනගැනීමේ කොමිසමේ ලොකු පුටුව ගැන සිවිල් සංවිධාන අසතුටින්

by Lanka Sara Editor
දෙසැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතා පත්කිරීම සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන කිහිපයක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාල පත්කිරීම පවතින නීතියෙහි සැබෑ අරුතට බැහැරව ක්‍රියා කිරීමක් ලෙස දැක්විය හැකි බවයි.

ඒ අනුව සිවිල් සංවිධාන දහයක නියෝජතයින් විසින් සාමූහිකව අද (17) දින මෙම නිවේදනය නිකුත් කර ඇත.
විශ්‍රාමලත් ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති බලය අවභාවිතා කිරීම හා සම්බන්ධ චෝදනා නොසලකා හරිමින් කොමිසමෙහි  සභාපතිවරයා ලෙස පත්කර ඇති බවද අදාල නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

අදාල නිවේදනය මගින් මෑතකදී ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිසමෙහි සභාපතිවරයා ව සිටියදී ද උපාලි අබේරත්න මහතාට එරෙහිව බලය අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා කිහිපයක්ම එල්ල වී ඇති බවට සඳහන් කරයි.
අදාල නිවේදනය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, තිය හා සමාජ භාරය, පැෆ්රල් සංවිධානය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, යිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, විළුදු, ෆියාන් සහ ජාතික දේශෝදය සභාව එක්ව නිකුත් කර තිබිණි.

එම සම්පූර්ණ නිවේදනය
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ  කොමිසමෙහි සභිකයන් පත් කිරීම සඳහා රජය මගින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන්  පහත අත්සන් කොට ඇති සිවිල් සමාජ සංවිධානයන්හි සාමාජිකයන් වන අපගේ ප්‍රසාදය පළ කරන අතර, කොමිසමෙහි සභාපතිවරයා පත් කිරීම අපගේ දැඩි අවධානයට භාජනය වී ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කොමිසම සඳහා  නිර්දේශ ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක තොරතුරු දැනගැනීමේ පනතෙහි විග්‍රහ කොට ඇත. තොරතුරු දැනගැනීම පිළිබඳ පනතෙහි 12 (2)(අ)(i) වගන්තියට අනුව නිර්දේශ කරනු ලබන සභිකයින් , “නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා  හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීණත්වය සහිත, පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතුය”. එබැවින්, බරපතල චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් කොමිසමෙහි සභික තනතුරු සඳහා නිර්දේශ නොකළ යුතුය.

එහෙයින් විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති බලය අවභාවිතා කිරීම හා සම්බන්ධ චෝදනා නොසලකා හරිමින් කොමිසමෙහි  සභාපතිවරයා ලෙස පත්කිරීීම, පවතින නීතියෙහි සැබෑ අරුතට බැහැරව ක්‍රියා කිරීමක් ලෙස දැක්විය හැකිය.

මෑතකදී ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිසමෙහි සභාපතිවරයා ව සිටියදී ද ඔහුට එරෙහිව බලය අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා කිහිපයක්ම එල්ල විය.

ඔහුගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වූ ජනාධිපති කොමිසම මගින් ඒ වන විට අධිකරණය හමුවේ පැවති ඇතැම් නඩු අත්හිටුවන  ලෙසත්, ඇතැම් නඩු නවතා දමන ලෙසත් නිර්දේශ කළ අතර , එවකට නීතිපතිවරයාව සිටි නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයේදී විරෝධතාවයද පල කරන ලදී. එමෙන්ම, නඩුවලට අදාළ විමර්ශන කටයුතු සඳහා සම්බන්ධ වූ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙ හිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙම කොමිසම මගින් නිර්දේශ කරන ලදී. මෙම ජනාධිපති කොමිසමෙහි ක්‍රියාවන් මගින් රටෙහි අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බලතල බෙදීම කෙරෙහි ඇති කරන ලද බරපතල බලපෑම හේතුවෙන් එය විවේචනයට ලක්විය.

එහෙයින්, විිශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාට එරෙහිව  එල්ල වෙමින් පවතින චෝදනාවන් සැලකිල්ලට ගැනීමේදී , එම චෝදනා පිළිබඳ අවසාන තීන්දු ලැබීමට පෙර සිදු කරන ලද මෙම පත්වීම,   “පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තෙකු වීම” යන නිර්ණායකයට අනුකූල ද යන්න පිළිබඳව බරපතල සැකයක් ඇති කරයි.

තොරතුරු දැනගැනීමේ පනතෙහි 12(2)(අ)(iii) වගන්තියට අනුව, නිර්දේශ කරන ලද සභිකයින් ,”යම් රාජ්‍ය හෝ අධිකරණ ධූරයක් හෝ වෙනත් ලාභදායී ධූරයක් දරන තැනැත්තන් නොවිය යුතුය”. එහෙත්, විනිසුරු අබේරත්න මහතා දැනට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙහි (OMP) සභාපතිවරයා වන අතර, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ පනතෙහි 20 වැනි වගන්තියට අනුකූල වූ වැටුපක් ලබාගනියි.

එබැවින්  RTI කොමිසමෙහි සභාපති තනතුරට විනිසුරු අබේරත්න මහතා පත්කිරීම, RTI කොමිසමට නිර්දේශ කරනු ලබන සභිකයින්, “යම් රාජ්‍ය හෝ අධිකරණ ධූරයක් හෝ වෙනත් ලාභදායී ධූරයක් දරන තැනැත්තන් නොවිය යුතුය” යන නියමයට පටහැනි ය.

තවද මෙම RTI කොමිසමේ සංයුතිය මගින් රටේ සුළු ජාතීන්ට නිසි නියෝජනයක් ලබා දීමට අපොහොසත් වන අතර, එමඟින් සමානාත්මතාවය සහ අන්තර්කරණයේ මූලික මූලධර්ම ආරක්ෂා කිරීමට නොහැකි වන බව අපි අවධාරණය කරන්නෙමු. එබැවින්, RTI කොමිසම තුළ ඇති අපක්ෂපාතීත්වය සහ තුලනය පිළිබඳ ව ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සහතික කිරීම සඳහා, මෙම පරතරය පියවා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකේය ජනතාව විසින් එය බලාත්මක වූ දින සිට පුළුල් ලෙස භාවිතා කරන ලද අයිතිවාසිකමක් වන අතර එයට ඔවුන්ගේ දෛනික ජීවිත වලට සාධනීය බලපෑමක් ඇති කිරීමට හැකි වී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ප්‍රධාන අභියාචනා සහ අධීක්ෂණ ආයතනය ලෙස ස්වාධීන තොරතුරු දැනගැනීමේ කොමිසමක් මගින්  තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එබැවින්, තොරතුරු දැනගැනීම පිළිබඳ කොමිසමෙහි  සභිකයින් පත්කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනතෙහි දක්වා ඇති ව්‍යවස්ථාපිත රාමුව පිළිපැදීම තහවුරු කිරීම සහ කොමිසමෙහි විවිධත්වය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා, තොරතුරු දැනගැනීම පිළිබඳ කොමිසමෙහි සභිකයින් පත් කිරීම පිළිබඳව නැවත සලකා බැලීමක් සිදුකරන  ලෙස අපි ඉල්ලා සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රේගුවෙන් අඩුවට විස්කි… රේගු නිලධාරීන් මලු පුරවන් අරන් ගිහින්…

Next Post

වසර අටක් සැගවී සිටි ඝාතකයෙක් යාල කැළේදී අත්අඩංගුවට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.