සුපිරි 16 දෙනාගේ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට ප්රවේශ වීම සඳහා ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර පැවති තියුණු සටන දඬුවම් පහර 3-0ක් ලෙස ජය ගැනීමට මොරොක්කෝවට හැකි විය.
ස්පාඤ්ඤය පරදවා ඔවුන් ලබා ගත් මේ ජයග්රහණය ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන්ගේ පළමු අර්ධ අවසන් පූර්ව තරග ප්රවේශය ය.
තරගයේ පළමු ගැටුම පළමු මිනිත්තු 90 තුළ ගෝල රහිත විය. අමතර කාලය අවසන් වන විටත් තීන්දුවක් නොවුනි. . ජයග්රාහකයා තීරණය කිරීමට මිනිත්තු 123ක ක්රීඩාව ප්රමාණවත් නොවීය. ජයග්රහණය තීන්දු කිරීම දඬුවම් පහර අවස්ථාවට ගියේය.
3-0 ලෙස මොරොක්කෝව ජයග්රහණය වාර්තා කළේය.
සෙනසුරාදා පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේදී මොරොක්කෝව පෘතුගාලය හෝ ස්විට්සර්ලන්තය සමඟ තරග වදිනු ඇත.







