බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී කුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනයට ඉන්දියාව සමග එක් වූ විශේෂ වැඩපිළිවෙළක් තියනවා… ජනපති අරුගම්බේ දී කියයි!

by editor
අගෝස්තු 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එළැඹෙන දශකයේ දී  වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව   කෝටියත් දක්වා ඉහළ අගයකට   නංවාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. මුළ රටම සංචාරක ගමනාන්තයක් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා නැගෙනහිර පළාත තුළ සංචාරක කලාප ගොඩනන්වන බවත් අරුගම්බේ ප්‍රදේයම සංචාරක කලාපයක් කරන බව කීවේය.

ජනාධිපතිවරයා කීවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු  ව්‍යාපාරිකයන්  සමඟ අද (25) පෙරවරුවේ පැවති හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

පසුගිය වසරේදී අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ අනුව ණය නොගෙවූ බංකොලොත් රටක් බවට අප පත්වුණා. රජය ගෙන ගිය නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මෙම වසරේ අප බංකොලොත්භාවයෙන් නිදහස් වුවත් අපට එම ණය ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන යාමේ දී විදේශ විනිමය අවශ්‍යයි. ඒ නිසා වෙළෙඳ ශේෂය ඉහළ නංවා නොගතහොත් ණය වැඩි වී තවත් වසර 10කින් අපට නැවත ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එය වළක්වා ගැනීම සඳහා අප නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී නැගෙනහිර පළාත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනය වෙනුවෙන් නව සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය දියුණු කිරීමට අපට ඉන්දීය රජයේ සහාය හිමිව තිබෙනවා.

මහවැලි ව්‍යාපාරයේ වම් ඉවුරේ ඉඩම් කොටසත් මෙයට එක් කර ගනිමින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා . ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී අක්කර දහසක පමණ ආයෝජන කලාපයක් ඇති කිරීමට ද නියමිතයි. එහි සංචාරක කරමාන්තය දියුණු කරනවා වගේම කෘෂි නවීකරණ වැඩසටහනක් සමඟ ධිවර කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ද කටයුතු කරන බව කිව යුතුයි.

ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය යුතුව තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ ඉතා  දිළිදු ජනතාවක්. අප ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නවීකරණය වගේම කෘෂි නවිකරණයක් සිදු කළයුතුයි. වී වගාවේ දී හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 07ක්,08ක් වත් ලබා ගත යුතුයි. සත්ව පාලනය පිළිබඳවද ද නව වැඩසටහන් එම පළාතේ ක්‍රියාත්මක කර තිබෙනවා.

එළැඹෙන දශකයේ දී මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50ත්, ඉන් අනතුරුව කෝටියත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවාගත යුතුයි. 2035 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය මගින් බව වාර්තා පෙන්වා දෙනවා. ඒ නිසා එහි තමන්ගේ දායකත්වය පිළිබඳ රටවල් අවධානය යොමු කළයුතුයි.

ඒ අනුව වාර්ෂිකව මෙම ප්‍රදේශයට අවම වශයෙන් සංචාරකයින් ලක්ෂ 10ක්-20ක් අතර ප්‍රමාණයක් ගෙන්වාගත යුතුයි. එම එක් සංචාරකයෙකුගෙන් දිනකට ඩොලර් 300ක් හෝ 500ක් අය කර ගැනිමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම්  නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

අද තිබෙන්නේ වෙනස් සංචාරක ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් දිය මත ලිස්සා යාම (surfing) වැනි ක්‍රීඩා මෙහි ප්‍රවර්ධනය කළයුතුයි.

මෙම සම්පුර්ණ ප්‍රදේශයම සංචාරක කලාපයක් ලෙස දියුණු කළයුතුයි. ඒ වගේම මෙම නගරයේ සහ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ ද ඉදිරියට ගෙන යා යුතුයි. කිසිවිටකත් සංචාරක ව්‍යාපාරයේ දියුණුව සහ ජන ජිවිතය පටලවා නොගත යුතුයි.  ඒ වගේම අම්පාර බස් නැවතුම්පොළ ද සංවර්ධනය කළයුතුව තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයට පැමිණෙන සංචාරකයන් දින කිහිපයක් මෙහි රඳවා ගැනීමට නම් නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ඒ වගේම මුළු රටම සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කර  සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් විරසේකරට උතුරේ නීතිඥවරු අධිකරණ ඉදිරිපිට විරෝධයක…

Next Post

ගණේමුල්ලේ සංජීව ඉන්දියාවේ දී අත් අඩංගුවට පත්වූ බවට ආරංචිය එද්දී ඔහුගේ මාකිංලගමුව නිවසට වෙඩි වරුසාවක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.