අද දහවල් (28) හොරොව්පතාන – කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වව්නියාව සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ පාලමක ආරක්ෂිත වැටෙහි ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
අදාළ අනතුරින් පාසල් අවසන් වී නිවස බලා යමින් 10 හැවිරිදි හැවිරිදි පාසල් සිසුවියක් සහ රිය සහායකයා ලෙස කටයුතු කළ 27 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත
ලොරි රථයේ ගමන්කළ රියදුරු හා තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත.
හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.







