තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටු සභාපති අශෝක සේපාල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (2) අත් අඩංගුවට ගෙන තිබේ.
තලවාකැලේ ලිඳුල නගර සභාවට අයත් අංක 12 ගවමස් කඩ කාමය බදු දීමට අදාලව ලංසු පිරිනැමීමේ දී රුපියල් විසි තුන් ලක්ෂ අසූ දහසක (23,80,000)ක මුදලක් රජයට පාඩු කිරීම හේතුවෙන් දූෂණ වරදක් සිදුකර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.








