සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණයින්ගේ රග්බි විප්ලවය… හොංකොං සහ UAE පරාද කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු  20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ රජ ගමනක…

by editor
අගෝස්තු 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වයස අවුරුදු 20න් පහළ  ආසියානු සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 20 න් පහළ රග්බි කණ්ඩායම විශිෂ්ට ආරම්භයක් සහිතවය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැත්වෙන තරගාවලිය ආරම්භයේ දීම  ශ්‍රි ලංකා කණ්ඩායම තරගාවලිය කම්පනයට පත් කරන ජයග්‍රහණ දෙකක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට ප්‍රවේශ වන්නේ  ජාත්‍යාන්තර අත්දැකීම් ද සහිත දැනට මහනුවර රග්බි සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන   ඉසිපතන විද්‍යාල කණ්ඩායමේ හිටපු උප නායක  ෂාහිඩ් සුම්රි ගේ නායකත්වෙයනි. උප නායක තරුණ ක්‍රීඩකයා වත්මන් රග්බි ලෝලී තරණ තරුණියන් අතර තාරුවක් වූ පසිඳු බණ්ඩාරය. පසිඳු පසුගිය අවුරුද්දේ ශාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා ලෝලීන් අතර මහත් ආකර්ශනයට පත් වූයේය. පසිඳු දැනටමත් ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරමින් අත් දැකීම් ලැබූ තරුණයෙකි. පාසල් ක්‍රීඩා පිටිය උත්කර්ෂවත් කළ රුෂේන් බණ්ඩාරනායක, යෙහාන් බුලත්සිංහලගේ, ගයාන් පෙරේරා, මහතීර් රබන්, කලිඳු සිල්වා, ප්‍රනීත් සිල්වා, ෆාහාඩ් නසාර්, ඉසුරු විතානගේ, උදීෂ රත්නායක, දිනද වික්‍රමාරච්චි, ජනිදු විජේරත්න, අබ්දුල්ලා ෆයිසර්, ජනිත් මාරසිංහ යන තරුණයින්ගෙන් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය සකස් වූයේය.

මෙම තෝරා ගැනීම සිදුවන්නේ  දැඩි තේරීම් වට කිහිපයකින් පසුය. එය මොනතරම් සාර්ථක දැයි තරගය ආරම්භ කළ පළමු දිනයේ දීම ශ්‍රි ලංකා කණ්ඩායම පෙන්වා දී තිබිණි.

ඔවුන්ගේ පළමු තරගයේදී, ශ්‍රී ලංකාව හොංකොං කණ්ඩායම ලකුණු 24-19 ක් ලෙස පරාජය කළේය. එය තියුණු තරගයක් බව කිව යුතුව ඇත.  වේගය, කුසලතා සහ ශක්තිමත් කණ්ඩායම් ක්‍රියාකාරිත්වය මේ තරුණයෝ ලෝකයට පෙන්වූහ.   පන්දුව   ඉක්මන් ලබා දීම්,    කඩිසර පාද ක්‍රියාකාරිත්වය සහ ශක්තිමත් ආරක්ෂක ක්‍රීඩාව මගින් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත්තේය.   තරගය නිමා වන බව දන්වමින් විනිසුරුවරයා කරන අවසන් සන් කිරීම   දක්වා ඔවුන්ගේ ප්‍රතිවාදීන් පීඩනයට ලක්  කිරීමට ශ්‍රී ලංකා තරුණ රග්බි කණ්ඩායමට හැකි විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය   සමඟ පැවති ඔවුන්ගේ දෙවන තරගයේදී කණ්ඩායමේ ගම්‍යතාවය දිගටම පැවතුනි. තියුණු තරඟයකදී, ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය 26-24 ක් ලෙස පරාජය කළේය. අවසාන මොහොතේ උත්සාහක දිනුමකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රටේ ජයග්‍රහණයේ මුද්‍රාව තැබූහ.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

මෙම අඛණ්ඩ ජයග්‍රහණ ඉදිරියට යන  ශ්‍රී ලංකාව තරඟාවලියේ   ශක්තිමත් ස්ථානයක ස්ථාන ගත කර ඇත.  මේ ආරම්භය  අවසන් තරඟයේ ස්ථානයක් සඳහා බලාපොරොත්තු ඇති තිබේ.

ඉදිරි තරග කිසිසේත්ම පහසු ඒවා නොවේ. ප්‍රවේශය ලබා ගත් සටන්කාමී ආකාරයෙන්ම අත් නොහරින ජවයකින් මේ තරගාවලිය අවසන් කරනු ඇතැයි රට අපේක්ෂා කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප නැගී සිටිය යුත්තේ බෞද්ධ සංස්කෘතිය සමඟ ගොඩනැගුණු, ආරක්ෂා කරමින් වර්ධනය කළ යුතු මහා උරුමයක් සහිත ජාතියක් ලෙසයි! ජනපති කියයි!

Next Post

හෙට මුජිබර් අරුණ ජයසේකරට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාස භංගය යෝජනාව මෙන්න…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.