සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට මුජිබර් අරුණ ජයසේකරට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාස භංගය යෝජනාව මෙන්න…

by editor
අගෝස්තු 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කර තිබේ. ඔහු විසින් ඉදිරිපත් කරන මෙම විශ්වාස භංග යෝජනාව හෙට (11) පාර්ලිමේන්තු සභාවාරයේදී කතානායකවරයාට බාර දීමට නියමිතය.  ඊට කලින් මුජිබර් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේය. මාධ්‍ය සාකච්ඡාවේ දී හෙට ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව මාධ්‍යයට බෙදා දුන්නේය. 

එම විශ්වාස භංග යෝජනාව මෙසේය

ගරු කථානායක තුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,

විශ්වාස භංග යෝජනාව

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන චර්යා ධර්ම සංග්‍රහය- iii වන කොටස  06 වන වගන්තිය.

“මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර, සෑම විටම යම් පොදු සම්පත් භාවිතයද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංක භාවයකින් ඒකාග්‍රතාවකින් විය යුතුය” යනුවෙන් සඳහන් කර ඇතත් එය කඩ කර ඇති හෙයින්ද,.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ V වන කොටසේ 09 වගන්තියේ චර්යා රීති වල සඳහන්,

(අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම
(ඇ) ජනතාවගේ විශ්වාසය හා ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම
(ඉ)තමන් වගකිව යුතු චර්යාව සහ කාර්ය භාරයන් සම්බන්දයෙන් වග කිව යුතු වීම.

යන චර්යා රීති උල්ලංඝනය කර ඇති බව බැලූ බැල්මට තහවුරු වන හෙයින්ද,
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන ව්‍යවස්ථාවට අනුකූලව මූලික යුතුකම් ඉටු කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස අපොහොසත් වන බව නිරීක්ෂණය වන හෙයින්ද,

එසේම

  1. පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණයේ මූලාරම්භයක් ලෙස සැළකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැ⁣ගෙනහිර) ආඥාපති ලෙස ගරු අරුණ ජයසේකර මහතා පත් කළ හෙයින්ද, ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩ බාර ගත්⁣ හෙයින්ද ,
  2.  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්වන විමර්ශන වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගනිමින් සැකකරුවන් අත් අඩංගුවට ගන්නා වවුනතිව් පොලිස් මුරපොළේදී ශ්‍රී ලංකා පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිඳුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (ආඥාපති) ලෙස කටයුතු කළ හෙයින්ද
  3.  පාස්කු ඉරිදා ප්‍රහාරයේ, තීරණාත්මක සංසිද්ධියක් වන සයින්මරන්දු බොලිවේරියන් ග්‍රාමයේ සිදුවීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද,
  4. අදාල සිදුවීම සමබන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනෙකු⁣ට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇති හෙයින්ද ,
  5. කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු වූ හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස හැඳින්වෙන සාරා ජස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්ද මරන්දු එම ස්ථානයේ සිටි බවට සහ ඇය බෝම්බය පිපිරීමෙන් පසුවද ජීවතුන් අතර සිටි බවට සහරාන් ගේ බිරිඳ ෆාතිමා හාදියා ප්‍රකාශ කර ඇති හෙයින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඇය මියගිය බවට කී සිද්ධිය සැක සහිත යැයි ප්‍රකාශ කර ඇති හෙයින්ද,
  6. අදාල සයින්දමරන්දු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර යුද හමුදාවේ එදින මෙහෙයුමට සහභාගි වූ එකල ගරු අරුණ ජයසේකර මහතා යටතේ සිටි නිළධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීම ආරම්භ කර ඇති හෙයින්ද,
  7. මෙම සිද්ධියට අදාලව ගරු අරුණ ජයසේකර මහතා විසින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇති හෙයින්ද,
  8. වවුනතිව්, සහ සයින්දමරන්දු සිදුවීම් දෙකටම අදාල විමර්ශනයේදී සාක්ෂි කට උත්තර යුද හමුදාවේ පිරිස් වලින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන සිටින හෙයින්ද,
  9. ගරු අරුණ ජයසේකර මහතා පූර්ව මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිට අංක 2410/08 දරණ 2014/11/17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ජාතික ජන බලවේග රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව, අංක 2412/23 දරන 2024/11/18 දිනැති අති විශේෂ ගැස⁣ට් නිවේදනය ප්‍රකාරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ හෙයින්ද , ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින්ද
  10. අදාල සිදුවීම් ගැන සාක්ෂි දෙනු ලබන යුද හමුදාවේ නිළධාරීන් විසින් සාක්ෂි ලබා දීමේදී එවකට ප්‍රදේශය බාර ප්‍රධානියා වූ ගරු අරුණ ජයසේකර මහතා වර්තමානයේ යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බැවින් නිළධාරීන් සාක්ෂි දීමේදී ඔවුන් උසස්වීම් /මාරුවීම් සහ වෙනත් කටයුතු වලට බලපෑමක් ඇතිවේ යැයි බියෙන් සාක්ෂි ලබා දීමේ මැලිකමක් දැක්වීමට ඉඩ ඇති හෙයින්ද,
  11. එවකට ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස සිටි ගරු අරුණ ජයසේකර මහතා යටතේ සිටින නිළධාරීන් විමර්ශනයට ලක් වෙමින් සිටින බැවින් ඔහු එම නිළධාරීන් සි⁣ටි යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙයිිින් විමර්ශන ගැන සැක සංකා මතුවීමට ඉඩ ඇති හෙයින්ද සහ ළබැඳියාවන් අතර ගැටුමක් ඇති වීමට ඉඩ ඇති හෙයින්ද,
  12. පාස්කු ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබා දුන් රජයක ගරු අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස වගකිව යුතු තනතුරක් දැරුවද මේ දක්වා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද,
  13.  පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමරශන සම්බන්ධයෙන් ගරු අරුණ ජයසේකර මහතා යුද හමුදාවේ ධුරය දරන සමයේ නිසි ක්‍රියා මාර්ග නොගත් පසුබිමක වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීම මත එම විමර්ශන වලට යම් බලපෑමක් ඇති විය හැකි බවට කතෝලික සභාවට හැඟී යාම සහ එම පරීක්ෂණවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කාදිනල් හිමිපාණන් ගේ ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති හෙයින්ද,
  14. පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සිදු කිරීම අභියෝගයක් බවත් ,රජය රජය තුළම විමර්ශනයට ලක් කිරීම දුෂ්කර වී ඇති බවත්, රජය රජය විසින්ම පරීක්ෂාවට ලක් කළ යුතු බවත් ජනපතිවරයා කාදිනල් හිමියන්ගේ පූජක දිවියට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී කළ ප්‍රකාශය මඟින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ
    විමර්ශන අඩපන කිරීමට තවමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම කුමන්ත්‍රණ සිඳුවන බව හැඟෙන හෙයින්ද,
  15. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුණ ජයසේකර මහතා 2025/07/09 වන දිින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලදී අනාවරණය වන පරිදි දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සුළු පිරිසක් සහ රජයේ නිළධාරීන් සුළු පිරිසක් මේ සඳහා යොදා ගෙන ඇති බවට ප්‍රකාශ කිරීම මගින් ඊට සම්බන්ධ බුද්ධි අංශ නිළදාරීන් පිළිබඳව දැනුවත් බවක් හෝ හෝ අවබෝධයක් එතුමාට තිබෙන්නට ඇතැයි හැඟී යන බැවින්ද,

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන රජයක ,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සිදු කිරීම මත බලපෑම් හා ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන අතර එමගින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්,කතෝලික සභාවේත්,පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳ වැටී ඇති හෙයින්ද, ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටි⁣යදී පාස්කු විමර්ශනය සිදු කිරීමෙන් මේ ගරු සභාවෙි විශ්වාසය කඩව ඇති බැවින් එතුමා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට මෙම ගරු සභාව යෝජනා සම්මත කර සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තරුණයින්ගේ රග්බි විප්ලවය… හොංකොං සහ UAE පරාද කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු  20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ රජ ගමනක…

Next Post

දරු ප්‍රසූතියක දී ගැබිණි මව මිය යෑමේ සිද්ධියකට අත් අඩංගුවට ගත් මන්නාරම රෝහලේ වෛද්‍ය වරයෙක් ඇතුළු 03ක්  රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.