සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල කිවුල්ආරේ මහා වන සංහාරය පිළිබඳව මාධ්‍යයට හෙළිදරව් කළැයි වන සංහාරක මැරයා වූ රොට්ටි චමින්ද නමැති අයගෙන් හා ඔහුගේ ගෝලයන්ගෙන් ගම්මුන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි දෙකක් පොලීසියට ලැබී ඇති බවත් තණමල්විල මූලාස්ථාන පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් මේ වනවිට තනමල්විල මූලස්ථාන පොලිසියට පැමිණිලි දෙකක්ද ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තතණමල්විල පොලිසිය අදාළ ජාවාරම්කරුවන් හා අදාල පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
ගැමියන් පවසන්නේ මෙ වන සංහාරයට රොට්ටි චමින්ද නැමැති අපරාධකරුට වන සංරක්ෂණ නිලධාරීන් ද ආධාර කළ බවත් සිද්ධියෙන් කිපුන වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් පිරිසක් මේ වනවිට පාරම්පරික හේන් ගොවියන්ට හා ගවහිමියන්ටද අදාල ගොවි බිම් හා ගව ගාල් ඉවත් කර ගන්නා ලෙසද බලපෑම් එල්ල කරමින් තම ජීවිතවලට දැවැන්ත විනාශයක් සිදුකරන බවය.
කිවුල් ආර ප්‍රදේශයේ මේ තරම් වන විනාසයක් සිදුවන තුරු නිදාගෙන සිටි වන සංරක්ෂණ නිලධාරීන් මේ වන විට අසරණ හේන් ගොවියා හා ගම්මුන් ඉලක්ක කරගෙන පමණක් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින්නේ මෙම වන විනාශය හෙළිකල නිසා බව පවසන ජනතාව මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කරන සංදේශයක් මේ වනවිට පිළියෙළ කරමින් සිටින බවය.
තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ සිදු වූ මහා වන සංහාරයක් පිළිබඳව පසුගියදා මාධ්‍ය හරහා හෙළිදරව් කිරීමත් සමග තනමල්විල වන සංරක්ෂණ නිලධාරීන් තණමල්විල පොලිසියේද සහාය ඇතිව ප්‍රධාන කැලෑ ජාවාරම්කරුවා වූ රොට්ටි චමින්ද ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.
මෙම කැලෑ ජාවාරම පිළිබඳ සම්පූර්ණ විමර්ශන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා වන සංරක්ෂණ නිලධාරීන්ට නියෝග කරනු ලැබුවේය.
ගම්මුන් පවසන්නේ අධිකරණයෙන් ඇප ලබා පැමිණි රොට්ටි චමින්ද ඇතුළු ඔහුගේ සහචරයින් පිරිස මේ වනවිට මේ සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු අනාවරණය කර පුද්ගලයන් සොයා ඔවුන්ට මරණීය තර්ජනය එල්ල කරමින් සිටින බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තනමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.පී.එම් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.







