මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව ඔක්තොම්බර් 15 වැනිදා යළි කැඳවන්නයි කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ යළි කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් වූ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වූ ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී සිටියහ.
නීතිපතිවරයා ඔවුන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් සහ දේපල අයථා ලෙස අත් පත් කරගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමිනි.







