සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ටෙහෙරානය ගිනි ගන්න නියමිතයි” – ඉරාන ප්‍රති ප්‍රහාරයෙන් පසු ඊශ්‍රයාල විදේස ඇමති දැනුම් දෙයි…

by editor
ජූනි 14, 2025
in පුවත්
ඉරාන ප්‍රහාරයෙන් පසු ....

ඉරාන ප්‍රහාරයෙන් පසු ....

Share on FacebookShare on Twitter

උපෙක්ෂා උඩුවැරැල්ල –

  • ඊයේ (13)  ප්‍රහාරයෙන් ඉරානයේ ජනාවාසයක විසූ කුඩා දරුවන් 20ක් මිය ගහින්… ඊශ්‍රයාලය ඝාතනය කළ අහිංසක ඉරාන සිවිල් වැසියන්ගේ මරණ ප්‍රමාණය 78කට වැඩියි…

බොහෝ ගැඹුරු ව්‍යසනයක් නිර්මාණය වී ඇත. ඒ ගාසාවේ මළගම ඊශ්‍රයාලය විසින් අඛණ්ඩව පවත්වාගෙන යන අතරය.

ඊයේ අළුයම ඊශ්‍රයාලය ඉරානයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කළේය. ඉරාන හමුදා නායකයින් හා ඉරාන න්‍යෂ්ඨික වැඩසටහනේ හදවත වූ නටාස්හි න්‍යෂ්ඨික බලාගාර පද්ධතියටත් , ඊශ්‍රයාලය ඊයේ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළේය. න්‍යෂ්ඨික බලාගාර පද්ධතියට බරපතල හානි වූවා පමණක් නොව ඉරානයේ න්‍යෂ්ඨික විද්‍යාඥවරු 06 දෙනෙක් ද ද ඝාතනය විය.

හමුදා ඉලක්ක කරගත් ප්‍රහාරයෙන්  ඊශ්‍රයාලය ඉරාණයේ ප්‍රධාන පුරවැසියෙක් වු ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරල් හොසෙන් සලාමි සහ ඉහළම හමුදා නිලධාරියෙක් වූ මේජර් ජනරාල් මෙහොමඩ් බගේරි ඝාතනය කළේය. මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුම් සඳහා භාවිතා කරන ඉරාන ගුවන් හමුදා කඳවුරු දෙකක්වන බටහිර ඉරානයේ හමාදාන් ගුවන් කඳවුර සහ රටේ වයඹ දෙසින් පිහිටි මිසයිල දියත් කිරීමේ ස්ථානයක් වන ටැබ්‍රිස් ගුවන් කඳවුර ඊශ්‍රයාල ප්‍රහාරවලට ඉලක්ක විය.

ඉරානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත අමීර් සයීඩ් ඉරාවානි සිකුරාදා පැවසුවේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් ඇති බවය. මේ අතර එක් ස්ථානයක පමණක් විසිල් මරණ 60ක් වාර්තා වී තිබුණේය.  ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ටෙහෙරානයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් සිවිල් පුද්ගලයින් 60 දෙනෙක් මිය ගොස් ඇති බවත් මාස 06ක පමණ වයස ළදරුවන්ගේ සිට ළමුන් 20 දෙනෙක් එම සාපරාධී ඝාතකයින් විසින් ගොදුරු කරනෙ ඇති බවත්ය. ප්‍රහාරය එල්ල වී තිබුනේ ටෙහෙරානයේ ෂාරාක්-ඊ ෂාහිඩ් චම්රාන් නේවාසික සංකීර්ණයේ මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලකටය.

නේවාසික ගොඩනැගිල්ලේ මියගිය 60 දෙනා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා ප්‍රකාශ කළ  සංඛ්‍යාවට ඇතුළත් කර ඇත්දැයි පැහැදිලි වී නැත. 320 දෙනෙකු තුවාල ලැබූහ. මේ වින්දිතයින් අතර සිටි බහුතරය ඉරානය සිවිල් වැසියන්ය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඉරාන අධ්‍යාත්මික නායක  අයතොල්ලා අල් කමෙයිනි ඊයේ ඊශ්‍රයාලයට කීවේ දරුණු ප්‍රතිවිපාක අපේක්ෂාවෙන් සිටින ලෙසය.

ඉරාන ප්‍රහාරයෙන් පසු

ඉරාන ප්‍රති ප්‍රහාරය –

ඒ අකාරයෙන්ම ඉරානය අද (14) අළුයම ක්‍රියාත්මක වූයේය. ඉරානය බැලැස්ටික් මිසයිල රැලි කීපයක් ඊශ්‍රයාලය වෙත අද අළුයම මෙහෙයවූ බව විදෙස් මාධ්‍ය කීවේය..

ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගියහ. දුසිම් ගණනක් තුවාල ලැබූහ.ටෙල් අවිව් නගරයට දකුණින් පිහිටි රිෂොන් ලෙසියන් හි නිවාස අසල ඉරාන මිසයිලයක් වැදීමෙන් එක් අයෙකු මිය ගොස් 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ටෙල් අවිව් අසල රාමත් ගාන් හි ආයුධ කැබැල්ලක් වැටීමෙන් එක් කාන්තාවක් මිය ගියාය.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ප්‍රකාශ කළේය. ඔහු කීවේ ඉරානය සිවිල් ජනාවාස මතට ප්‍රහාර එලල කර ඊශ්‍රයාලයේ රතු ඉර පන්නා ඇති බවය.

ඉරානය මිසයිල ප්‍රහාර දිගටම කරගෙන ගියහොත් ටෙහෙරානයේ ජනතාව ඊට දැඩි මිලක් ගෙවනු ඇති. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද කීවේය. ඊශ්‍රායල හමුදා නායකයින් සමඟ තත්වය පිළිබඳ රැස්වීමක් පැවැත්වීමෙන් පසු ඊශ්‍රයාල් කැට්ස් මෙසේ කීවේය.

” ඉරාන ඒකාධිපතියා ඉරානයේ පුරවැසියන් විශේෂයෙන්ම ටෙහෙරානයේ සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරමින් සිටී. කමෙයිනි ඊශ්‍රායල සිවිල් වැසියන්ට මිසයිල ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන ගියහොත්, ටෙහෙරානය ගිනි ගනු ඇත,” මේ ප්‍රකාශය කරන්නට දිනකට කලින් ඊශ්‍රයාලය දරුවන් 20 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සමග ටෙහෙරානයේ නිවෙස්වල නිදාගෙන සිටි සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කළේය.  දැන් ඔවුන් යළිත් කියන්නේ ටෙහෙරානයම ගිනි ගනු ඇති බවය.

ඉරානයත් පිළිතුරු දුන්නේය .  ඉරානය කීවේ තවදුරටත් බිහිසුණු ප්‍රහාරයක් අපේක්ෂාවෙන් සිටින ලෙසය. ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර වළක්වන්නට උත්සාහ කරන ඕනෑම රටක කලාපීය කඳවුරු ඉලක්ක කරන බවත් ඉරානය දැනුම් දුන්නේය.

මේ වනවිට ඉරාන ගුවන් සීමාව වසා දමා ඇත. ඉරිදා දේශීය වේලාවෙන් අලුයම 2 දක්වා ගුවන් සීමාව ලෝකයට වසා තබනු ඇත.

අප විශ්වාස කරන්නේ යළි හැරවිය නොහැකි පරිදි  කලාපයේ බිහිසුණු යුද්ධය ආරම්භ වී ඇති බවය. ඊශ්‍රයාලය තවත් මළගමකට පාර කපා ඇත. පුදුමාකාර ඛේදවාචකය වන්නේ මානව හිමිකම් ගැන දැවැන්ත ඝෝෂා නගන බටහිර ප්‍රභූන්  අඳ ගොළු බිහිරන් සේ තීව්‍ර නිහඬතාවයක පසුවීමය. අප තේරුම් ගත යුත්තේ ලෝකය පුදුමාකාර තරම් අවස්ථාවදී ජඩ තිරිසන් තැනක් බවය. කැලෑවේ නීතිය මීට වඩා සාධාරණ බව දැන් අපි පසක් කරගනිමින් හිඳිමු.  ( CNN ඇසුරිනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි!

Next Post

ඖෂධ හිඟයක් නෑ… GMOA ප්‍රකාශයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ප්‍රකාශ කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.