බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිවිත බිල්ලට ගෙන කළ බිහිසුණු ඖෂධ මගඩියේ තරම විගණනය හෙළි කරයි…

ගිය වසරේ පමණක් කෝටි 248ක ඖෂධ තත්ත්වයෙන් බාල බව හෙළි වෙයි!

by Lankasara News
මැයි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
ලලිත් චාමින්ද

රුපියල් මිලියන 2,482.12ක් ( කෝටි දෙසීය හතලිස් අට කෝටි, විසි එක් ලක්ෂ විසි දහසක්) වටිනා ඖෂධ ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්විම හේතුවෙන් ඉකුත් වර්ෂය තුළ (2023) භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගේෂ විගණන වාර්තාවක සදහන් වේ.

එමෙන්ම ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 10.72 ක් වටිනා වෛද්‍ය සැපයිම් තත්ත්වයෙන් අසමත්විම හේතුවෙන් තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ඒ අතර අක්ෂි රෝග, පිලිකා රෝග, නිර්වින්දනය හා ප්‍රතිශක්තිකරණය සඳහා භාවිතා කරණු ලබන ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත්විම නිසා භාවිතයෙන් ඉවත්කොට තිබුණි.

මෙම ඖෂධ භාවිතයෙන් පසු රෝගින්ට අහිතකර ප්‍රතික්‍රියා ඇතිවිම, රෝගින් මරණයට පත්විම ඇස් අන්ධභාවයට පත්විම ආදි ගැටලු මතුවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා ගුණත්වයෙන් යුත් ඖෂධ රෝගින් වෙත ලබාදිමට නොහැකිවි තිබුණි.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් හාරකොටි හත්ලක්ෂ තිස්අටදහස් අටසිය දහනමයක මුදලක් (40,738,819) වැයකොට හදිසි මිලදි ගැනිම් යටතේ ශල්‍යකර්ම වලදී නිර්වින්දනය සඳහා භාවිතා කරණු ලබන ( Bupivacaine 0.5% + Glucose 8% inj.4 ml Amp.) ඖෂධයේ එන්නත් 68,750ක් වෛද්‍ය සැපයුම් අංශය මගින් මිලදි ගෙන තිබුණි. මෙම ඖෂධය භාවිතාකිරිම නිසා රෝගින්ට ඇතිවු බරපතල අහිතකර ප්‍රතික්‍රියා සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ භාවිතා කිරිම අත්හිටුවා තිබුණි.

ඒ වනවිට මෙම එන්නත් තොගයෙන් එන්නත් 34705ක් හෙවත් මුළු තොගයෙන් සියයට 50ක් රෝගින් වෙත නිකුත්කොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. කාණ්ඩ තුනකින් සමන්විත මෙම ඖෂධ එන්නත් වෛද්‍ය සැපයිම් අංශයට ලද දිනයේ සිට ජාතික, මුලික, ශික්ෂණ, යන රෝහල් සහ වෙනත් සෞඛ්‍ය ආයතන වෙත නිකුත්කර තිබුණි.

මෙකී ඖෂධය භාවිත කළ පසු එක් ගැබනි කාන්තාවක් මියගොස් තිබුණි. තවත් කාන්තාවකට ජිවිත තර්ජන ඇති වි තිබුණි. මෙම ඖෂධ එන්නත් ඇනවුම ප්‍රදානය කොට ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවකු නොවන සමාගමකට ලියාපදිංචයෙන් නිදහස් කිරිමේ සහතිකයක් ලබාගැනිමට යටත්ව බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම අක්ෂි රෝගින් සදහා සිදුකරණ කැටරැක් ශල්‍යකර්මයෙන් පසු භාවිතා කරනු ලබන ඖෂධය භාවිතා කිරිමෙන් පසු රෝගින් ට සිදුවු බරපතල අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් එම ඖෂධය භාවිතයෙන් ඉවත්කර තිබුණි. ඒ වනවිට ලැබි ඇති මුළු ඖෂධ ඒකක 21,510ක් හෙවත් ලැබි ඇති මුළු තොගයෙන් සියයට 43ක් රෝගින් සඳහා භාවිතා කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකී ඖෂධය භාවිතාකිරිම හේතුවෙන් අක්ෂි රෝහලේ රෝගින් දෙදෙනෙකු පුර්ණ අන්ධභාවයට පත්ව තිබු අතර නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ රෝගින් 16 දෙනෙකු ආසාත්මිකතාවයට පත්වි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

වෛද්‍ය සැපයිම් අංශය විසින් සපයාගෙන තිබු වෛද්‍ය සැපයිම් තත්ත්වයෙන් අසමත් වු පසු අදාළ සැපයුම්කරුවන්ගෙන් නිසි පරිදි මුදල් අයකරගෙන නොතිබුණි. එමෙන්ම අයකරගත යුතු මුදල ගිණුම්ගත කිරිමට ද කටයුතු කර නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් වෙනුවෙන් ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 1663 ( එකසිය හැට හය කෝටි තිස් ලක්ෂයක්) මුදලක් වෛද්‍ය සැපයුම් අංශය විසින් අදාල සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන නොතිබුණි.

රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් වෙනුවෙන් සැපයුම්කරුවන්ගෙන් අයකරගත යුතු මුදල රුපියල් මිලියන 1,406.48 ( එකසිය හතලිස් කෝටි හැට හතර ලක්ෂ අසූ දහස ) කි. එම මුදල මේ වනතෙක් ඖෂධ නිතිගත සංස්ථාව විසින් අයකරගෙන නොතිබුණි.

ඉන් රුපියල් මිලියන 685.68ක් ( හැට අට කෝටි පනස් හය ලක්ෂ අසූ දහසක්) වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගෙන තිබු අතර රුපියල් මිලියන 165.80ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්ගේ උපදෙස් මත ක්‍රියාකිරිම අත්හිටුවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ප්‍රසම්පාදන අවස්ථාවෙ දි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති සැපයුම්කරුවන්ට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් නිකුත් කොට තිබුණි.

මෙම සැපයුම්කරුවන්ගේ සුදුසුකම් හා ඖෂධයේ තත්ත්වය පිළිබද පරික්ෂා කිරිමකින් තොරව ඖෂධ සැපයිමට පහසුකම් ලබාදෙන බැවින් ඖෂධවල තත්ත්වය පිළිබද දැඩි අවධානමක් ඇතිවි තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිලේ පහන් දැල්වීමේ මංගල්ල සමය ඇරඹෙයි.

Next Post

ශාසනික ගරු භාණ්ඩ ව්‍යාජ ලෙස සකස් කරන වෙළදුන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන්න

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.