රට ආපදාවට පාත්‍ර වූ අවස්ථාවේ දී සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ පතුරුවමින් මහජන සාමයට බාධා වන ආකාරයෙන් ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැනි සිදුවීම් 52ක් සම්බන්ධව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය අද නිවේදනය කළේය.
නිශ්චිත විමර්ශනවලින් අනතුරුව මෙම අපරාධකළ පුද්ගලයින් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මේ පිළිබඳව පැහැදිලි කරමින් සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මෙසේ පැවසුවේය.
“ මේ රටේ උද්ගත වී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සැලකිල්ලට ගනිමින් ජනාධිපති තුමන් විසින් හදිසි අවස්ථා නියෝග විධි විධාන සහ බලතල ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක් මේ වනවිට ප්‍රකාශයට පත් කරලා අවසන්.
මෙහෙදී විශේෂයෙන් මහජන සාමය පවත්වාගෙන යෑම, මහජන සාමය සුරක්ෂිත කිරීම සහ ජන ජීවිතයට අවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙම අති විශේෂ ගැසට් නිවේදනය හරහා මෙම විධි විධාන සහ බලතල ක්‍රියාත්මක වෙනවා.
මේ ගත වූ දින කීපය තුළ ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් මැදිරියක් හරහා අසත්‍යවූත්, තහවුරු නොකරන ලද නිවැරදි නොවූ කට කථා සහ අසත්‍ය පුවත් සමාජයේ සංසරණය වන බවට නිරීක්ෂණය වෙලා තියනවා.
මේ අවස්ථාව වනවිට එවැනි නිරීක්ෂණයන් 57ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විමර්ශන ආරම්භ කරලා තියනව.
මේ අති විශේෂ ගැසට් පත්‍රයේ 20 වැනි වගන්තිය හරහා කිසිම කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් මහජනයා බිය ගැන්විය හැකි, මහ ජනයා කැළඹීමට පත් කළ හැකි කට වචනයෙන්, කෘත්‍රිම බුද්ධිය ඇතුළු ස්වයංක්‍රීය පද්ධති හරහා යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් මාධ්‍යයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, පල කිරීම, නිර්මාණය කිරීම, එහෙම නැතිනම් පැතිරවීම මේ අති විශේෂ ගැසට් පත්‍රයේ දි වරදක් බව හඳුනාගෙන තිබෙනවා.
මෙම වරද සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත් අධිකරණයක සහ මහාධිකරණයක විභාග වීමෙන් අනතුරුව වසර 05ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බව ද සඳහන් වෙලා තියනවා
ඒ අනුව අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ පුද්ගලික අරමුණු සහ පුද්ගලි න්‍යාය පත්රයන් පසෙක දමා, විශේෂයෙන් ද්වේශ සහගත ලෙස කරනු ලබන විවේචන පසෙක දමා රජය සහ ඊට අනුබද්ධිත සියලුම පාර්ශවයන් මේ රට ගොඩනැගීම සඳහා කරනු ලබන දායකත්වයට සැම සහයෝගය දිය යුතු බව අවධාරණයෙන් යුතුව දන්වා සිටිනවා.”
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.





