සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ආපදා අවස්ථාවේ දී රට විකල්කළ අසත්‍ය ප්‍රචාර 52ක් මුල් කරගෙන සී.අයි.ඩී පරීක්ෂණ… නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිිසය කියයි!

by editor
දෙසැම්බර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රට ආපදාවට පාත්‍ර වූ අවස්ථාවේ දී සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ පතුරුවමින් මහජන සාමයට බාධා වන ආකාරයෙන් ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැනි සිදුවීම් 52ක් සම්බන්ධව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත්  පොලිසිය අද නිවේදනය කළේය.

නිශ්චිත විමර්ශනවලින් අනතුරුව මෙම අපරාධකළ පුද්ගලයින් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මේ පිළිබඳව පැහැදිලි කරමින් සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මෙසේ පැවසුවේය.

“ මේ රටේ උද්ගත වී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සැලකිල්ලට ගනිමින් ජනාධිපති තුමන් විසින් හදිසි අවස්ථා නියෝග විධි විධාන සහ බලතල ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක් මේ වනවිට ප්‍රකාශයට පත් කරලා අවසන්.

මෙහෙදී විශේෂයෙන් මහජන සාමය පවත්වාගෙන යෑම, මහජන සාමය සුරක්ෂිත කිරීම සහ  ජන ජීවිතයට අවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙම අති විශේෂ ගැසට් නිවේදනය හරහා මෙම විධි විධාන සහ බලතල ක්‍රියාත්මක වෙනවා.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

මේ ගත වූ දින කීපය  තුළ ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් මැදිරියක් හරහා අසත්‍යවූත්, තහවුරු නොකරන ලද නිවැරදි නොවූ කට කථා සහ අසත්‍ය පුවත් සමාජයේ සංසරණය වන බවට නිරීක්ෂණය වෙලා තියනවා.

මේ අවස්ථාව වනවිට එවැනි නිරීක්ෂණයන් 57ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විමර්ශන ආරම්භ කරලා තියනව.

මේ අති විශේෂ ගැසට් පත්‍රයේ 20 වැනි වගන්තිය හරහා කිසිම කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් මහජනයා බිය ගැන්විය හැකි, මහ ජනයා කැළඹීමට පත් කළ හැකි කට වචනයෙන්, කෘත්‍රිම බුද්ධිය ඇතුළු ස්වයංක්‍රීය පද්ධති හරහා යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් මාධ්‍යයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, පල කිරීම, නිර්මාණය කිරීම, එහෙම නැතිනම් පැතිරවීම මේ අති විශේෂ ගැසට් පත්‍රයේ දි වරදක් බව හඳුනාගෙන තිබෙනවා.

මෙම වරද සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත් අධිකරණයක සහ මහාධිකරණයක විභාග වීමෙන් අනතුරුව  වසර 05ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බව  ද සඳහන් වෙලා තියනවා

ඒ අනුව අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ පුද්ගලික අරමුණු සහ පුද්ගලි න්‍යාය පත්‍රයන් පසෙක දමා, විශේෂයෙන් ද්වේශ සහගත ලෙස කරනු ලබන විවේචන පසෙක දමා රජය සහ  ඊට අනුබද්ධිත සියලුම පාර්ශවයන් මේ රට ගොඩනැගීම සඳහා කරනු ලබන දායකත්වයට සැම සහයෝගය දිය යුතු බව අවධාරණයෙන් යුතුව දන්වා සිටිනවා.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුධිර සංචිත ප්‍රමාණවත්…. රුධිරය ලාබදුන් සියලුම දෙනාට ස්තූතියි!

Next Post

‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස්වෙයි!

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.