සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්!

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි.

වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින් එම ශක්තිමත් පදනම මත, ආර්ථික වර්ධනය ළඟා කර ගනිමින් හා නව ආර්ථික අවස්ථා ග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හමුවේ ඇති වත්මන් ආර්ථික අභියෝග පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කළ ජනාධිපතිවරයා එකී අභියෝග හමුවේ වුවද, 2026 අයවැයෙන් මෙරට ජනතාවට අවශ්‍ය සහන සලසාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද සිහිපත් කළේය.

රට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය තීරුබදු සහන ඇතුළු පහසුකම් ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවත්, අඛණ්ඩවත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉදිරියටද ශ්‍රී ලංකාවට හිමි වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

මේ වනතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳ ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට හිමිවන ආර්ථික වර්ධනයේ සියලු ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන කැපවීම අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීමටද එකඟතාව පළ කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ශ්‍රී ලංකාව සඳහා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou ඇතුළු Sandesh Dhungana, Ursula Wiriadinata, Dinar Prihardini, Samson Kwalingana, Ozlem Aydin සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිතයින් වන Martha Woldemichael, මානවී අබේවික්‍රම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.කේ.සී. සේනානායක, මහබැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල, Alternate Executive Director මහාචාර්ය පී.කේ.ජී. හරිෂ්චන්ද්‍ර, උප අධිපති, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය ජේ.එස්. ජෙගජීවන් සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් කොමිසම කියන්නේ බොරු… මාව අත් අඩංගුවට ගන්න ගෙදරට කවුරුත්ම ආවෙ නෑ… මම ගෙදර ඉන්නවා… හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න කියයි!

Next Post

තණමල්විල වන සංහාරය පිළිබඳව හෙළිදරව් කලයි ජාවාරමා ගම්මුන්ට මරණීය තර්ජන කරද්දි ජාවාරමා සමග දීග කන වන සංරක්ෂණ නිලධාරීන් අසරණ ගොවීන්ගෙන් පළි ගන්න පටන් අරන්…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.