සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් තෑගි අරන් චීනයේ පරම හතුරු තායිවානයට ස්තුති කළ අගමැති හරිනි හොඳටම නා ගනී!

හඳුන්නෙත්ති ඉරාක ජනරජයේ 100 වැනි සමරුවට ලද ආරාධනය මග හැරලා... රට රාජ්‍ය තාන්ත්‍රිකව පොට්ට තැනකට වැටෙයි...

by editor
දෙසැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ සතියේ දී චීනයෙන් ප්‍රදානයක් සේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ලද පාසල් නිල ඇඳුම් චීන රජය විසින් ලංකාව වෙත පිළිගන්වන නිල උත්සවය අමතමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ පරම සතුරා වන තායිවානයට “ඇදහිය නොහැකි තරම් දැවැන්ත පරිත්‍යාගයක්” සිදුකිරීම ගැන ස්තුතිය ප්‍රකාශ කිරීමත් සමඟ විශාල රාජ්‍ය තාන්ත්‍රික දෝෂයක් ඇති වූ ආකාරය සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මහජන චීන සමූහාණ්ඩුවේ රජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයට පාසල් සිසුන් සඳහා ඇඳුම් ද්‍රව්‍ය ප්‍රදානය කිරීම මෙම අවස්ථාව විය. මහජන චීන සමූහාන්ඩුව ( People’s Republic of China ) චීන නිල නාමයයි. තායිවානයේ නිල නාමය චීන ජනරජයයි ( ‘Republic of China).

ආචාර්ය අමරසූරිය චීනයෙන් ලබා දුන් පරිත්‍යාගය පිළිගනිමින් People’s Republic of China හෙවත් මහජන චීන සමූහාණ්ඩුව යැයි වරදවා චීනයේ පරම හතුරා මෙන්ම යුද්ධයේ අද්දර සිටින තායිවානයේ නිල නාමය වන‘Republic of China ලෙස ආමන්ත්‍රණය කරමින් ‘චීන ජනරජයට’ ස්තුති කළේය. විශේෂත්වය වන්නේ චීන ජනරජය හෙවත් තායිවානය සමග ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ද නැත.

නිල ඇඳුම් නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට කොළඹ වරායේ පැවති උත්සවයට අගමැතිවරිය නිසි වෙලාවට නොපැමිණීයා ය, චීන තානාපතිවරයා ඇය එනතුරු බලා සිට අනතුරුව සිය කාර්යාලයට පිටව ගියේය. උත්සවය සඳහා පැයකට පමණ පසු ඔහු ආපසු පැමිණි අතර අවසානයේ අගමැතිවරිය ආවාය. එසේ පැමිණි අගමැතිවරිය චීන රජය ලබා දුන් පරිත්‍යාගයට තායිවානයට ස්තුති කළාය.

ශ්‍රී ලංකාවේ මිත්‍ර ජාතීන් අපහසුතාවයට පත් කරමින්, නව රජයේ නවකයන් විසින් සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික ගොංකම් පහසුවෙන් අමතක කළ නොහැකි බවත් ඒවා ජාතිය ලෝකය ඉදිරියේ හෑල්ලු කරන අන්තර්ජාතික ව්‍යසන බවත් සන්ඩේ ටයිම්ස් පෙන්වා දෙයි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඉරාකයේ 100 වසර සැමරීම සඳහා ඉරාක තානාපති කාර්යාලය සඳුදා කොළඹ තරු පහේ හෝටලයක උත්සවයක් පැවැත්වීය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ උත්සව අවස්ථාව සඳහා ආරාධනා ලැබ තිබුණ ද ඔහු ඊට සහභාගී වුනේ නැත.

ඔහුව ආදේශ කිරීමට කිසිවෙක් නොසිටියේය. අමාත්‍ය හඳුන්නෙත්තිගේ කාර්යාලය හෝ විදේශ අමාත්‍යාංශයේ ප්‍රොටෝකෝල් අංශය, අමාත්‍යවරයාට උත්සවයට සහභාගි වීමට නොහැකි වීම පිළිබඳව ඉරාක තානාපති කාර්යාලයට දැනුම් දී නොමැති බව පෙනෙන්නට තිබුණි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ ඉරාක ජාතික කොඩි වේදිකාවේ තිබුණද, ශ්‍රී ලංකා රජයේ එකදු නියෝජිතයකු හෝ එම අවස්ථාවට සහභාගි නොවී උත්සවය ඉදිරියට ගියේය. ආරාධනයට ගරු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ සිටි අතර එය කැපී පෙනුණි. පසුගිය දිනක ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු සමාරම්භක දේශනයේදී, තම රජයේ විදේශ ප්‍රතිපත්තිය විදේශ වෙළඳාම වැඩි කිරීම සඳහා කටයුතු කිරීම බව සඳහන් කළේය.

තෙල්වලින් පොහොසත් ඉරාකය තවත් එක් රටක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අංක එකේ තේ ගැනුම්කරුවාය. මේ වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් කිලෝග්‍රෑම් මිලියන 27.11 ක් තේ අපනයනය කළේ ඉරාක වෙළෙඳපලටය. ඉරාකය එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයෙකු වන අතර එක්සත් ජාතීන්ගේ පූර්වගාමියා වූ ජාතීන්ගේ සංගමයේ ද සාමාජිකයෙකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති අනුර ඉන්දියාවේදී හරසරින් පිළිගනී!

Next Post

ජනපති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සා කච්ඡා අරඹයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.