බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය බීබීසියට දොර වැසුවේ එකට-එක කිරීමක් ලෙසද?

by Lanka Sara Editor
පෙබරවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යය සමග කලක් තිස්සේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරවුල එකට-එක කිරීමෙන් කළ පළිගැනීමක් බවට චීනය තම රට තුළ බී.බී.සී ලෝක සේවය රූපවාහිනී නාළිකාව විකාශය වීම තහනම් කිරීමෙන් පෙනී යයි.

කෙසේවෙතත් මෙම ක්‍රියාමාර්ගයට හේතුවූ ආසන්නතම හේතුව ලෙස දැකිය හැක්කේ පසුගිය සතියේදී බ්‍රිතාන්‍යයේ විකාශය වෙමින් තිබූ චීන රජයට අයත් ඉංග්‍රීසි භාෂාවෙන් විකාශය වූ සීජීටීඑන් සැටලයිට් රූපවාහිනී නාළිකාවේ බලපත්‍රය අත්හිටුවීමට ගත් තීරණය බව පෙනෙන්නට තිබේ.

එම තහනමට හේතුව ලෙස චීනය පවසන්නේ බීබීසී ලෝක සේවය චීන පුවත් විකාශයේ දී චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට වල කපමින්, ප්‍රවෘත්ති වාර්තා කිරීම සත්‍ය සහ අපක්ෂපාතී නොවන අන්දමින් කටයුතු කළ බවයි.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබද චෝදනා මෙන්ම චීනයේ වෙසෙන උයිගර්වරුන්ගේ සහ අනෙකුත් ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම්වල නිවහන වන සින්ජියැන්ග් කලාපයේ බලහත්කාරයෙන් ශ්‍රමය සහ ලිංගික අපයෝජනය සිදුවන බවට චෝදනා එල්ල කරමින් කළ වාර්තා සත්‍යතාවෙන් තොර බවට චීනය, බීබීසීය කළ වැරදි ගොඩට දමමින් පවසා ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

බීබීසීය චීනය තුළ අත්හිටුවීමට පෙරත් පැවතියේ ඉතා සීමාසහිත විකාශන පරාසයක ය. ඊට හේතුව වන්නේ චීනයේ විදේශිකයන් සදහා වෙන් කර ඇති හෝටල්, මහල් නිවාස සංකීර්ණ, ජාත්‍යන්තර සමාගම් ආදියෙහි කේබල් ටීවී ඔස්සේ පමණක් බීබීසීය නැරඹීමට හැකි වනසේ චීන රජය විසින් සීමා කර තිබීමයි.

පසුගිය කාලයේදී බීබීසීය කොරෝනා වසංගතයේ මුල සොයා සිය රට තුළට රිංගීමට ගත් උත්සහය ව්‍යර්ථ කිරීමට චීනය ගත් ක්‍රියාමාර්ගය නිසා බ්‍රිතාන්‍යය තවත් උරණ වූ බවක් පෙනෙන්නට තිබිණ. වසංගතයේ සුලමුල වාර්තා කිරීමට බීබීසීය චීනයට පැමිණීමේදී යහපත් අන්දමින් පිළිගෙන ඒ සදහා අවශ්‍ය ඉඩකඩ සලසා දෙනු වෙනුවට චීනය කර තිබුණේ බීබීසී කණ්ඩායම මාර්ග අවහිර කරමින්, පැය ගණන් මහමග තබමින් රස්තියාදු කිරීමයි.

කෙසේවෙතත් නව තහනම චීනයේ වෙසෙන බීබීසී වාර්තාකරුවන්ට බලපා ඇති ආකාරයක් තවමත් කිසිදු ඉගියකින් අසන්නට දකින්නට නොලැබේ. නමුත් චීනයේ කමියුනිස්ට් රජය පසුගිය වසරේදී ‘ද වොෂිංටන් පෝස්ට්, ද වෝල් සට්‍රීට් ජර්නල් හා ද නිව්යෝර්ක් ටයිම්ස්’හි වාර්තාකරණයේ යෙදුණු විදේ්‍ශීය මාධ්‍යවේදීන් නෙරපා හැරීමට කටයුතු කළේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සමග පැවති ආරවුලේ ප්‍රතිඵලයක් ලෙසයි. එම තත්ත්වය චීනයේ දැනට සිටින බීබීසී මාධ්‍යවේදීන්ට ඉදිරි දිනවලදී අත්වීමට ඉඩකඩ නැතුවා නොවේ.

බ්‍රිතාන්‍ය සන්නිවේදන නියාමකයා වන වොච්ඩෝග් ඔෆ්කොම් පසුගිය 4 වැනිදා චීනයේ සීජීටීඑන් නාළිකා බලපත්‍රය අත්හිටුවන අවස්ථාවේ චීනය කීවේ බ්‍රිතාන්‍ය විසින් දෘෂ්ටිවාදාත්මක නැඹුරුතා මත පදනම් වූ දේශපාලන හේතු මත එම පියවර ගත් බවය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පවසන්නේ චීනය තුළ මාධ්‍ය මෙහෙයුම් සීමා කිරීම කනගාටුවට කරුණක් වන අතර බීජිං නායකයින් වැරදි තොරතුරු ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි නිදහස් හා විවෘත මාධ්‍ය පරිසරයන් භාවිතා කරන බවය. එහි ජනතාවට ජනමාධ්‍යයට සහ අන්තර්ජාලයට නොමිලේ ප්‍රවේශ වීමට ඉඩ දෙන ලෙස ප්‍රයිස් විසින් චීන රජයෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිසුවාගේ කණට ගැසූ විනයභාර ගුරුතුමාට ලක්ෂ එක හරමාක් වන්දි ගෙවන්න වෙයි

Next Post

“විවේචන සාධාරණව සලකා බුද්ධියෙන් රට මෙහෙයවන්න..”

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.