ගොවිපොළට පැමිණෙන තොග වෙළෙඳුන් වෙනුවෙන් බිත්තරයක් රුපියල් 46කට අලෙවි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි.
නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කරන තෙක් බිත්තර නිෂ්පාදකයින් වෙනුවෙන් සහන සලසන්නැයි රජයෙන් ඉල්ලා ඇති බව සභාපතිවරයා කියයි.
ඔහු කියා සිටින්නේ මේ වනවිට බිත්තර අලෙවිය අඩාල වී ඇති බවය.







