විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව ගල්අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විමර්ශනයක් සිදුකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
අදාළ විමර්ශනය සඳහා කථානායකවරයා දැනුවත් කර අද (08) දිනයේදී විගණකාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව හර්ෂ ද සිල්වා කියයි.
ලක් විජය බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ පිහිටි බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්” සමාගම වෙත පිරිනැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර ඇත.