අභිනව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය නිවේදනය කර තිබේ.
ඒ එම පක්ෂයට මහමැතිවරණයෙන් හිමිවූ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය උදෙසා ය.
එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබාගෙන තිබුණි.