අධිකරණ සංකීර්ණය තුළ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අනුබලදීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නීතීඥවරිය ඊයේ රාත්‍රියේ දී (28) අත් අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේදී ය.
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන්ය.
මේ වනවිට සිද්ධිය සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකව ඇත.







