සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගණේමුල්ල සංජීව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ නියෝගයකින් තොරව… මරණ පරීක්ෂණයේ දි හෙළි වෙයි!

by editor
පෙබරවාරි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කෙරිණි. හෙළිවන්නට පටන් ගෙන ඇති දේ කුහුළ දනවයි. ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර රැඳවියන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමේ දිනයේ දී අධිකරණ නියෝගයක් රහිතව ගණේමුල්ලේ සංජීව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සංජීවට වෙඩි  තබා ඝාතනය කරන්නේ අධිකරණ නියෝගයකින් තොරව ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමක් නිසාදැයි විමසන අවස්ථාවේ දී ය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන් බණ්ඩාර ගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවෝ සාක්ෂි දෙමින් විශේෂ කාරණා ගණනක් හෙලි කළහ. අද පාර්ලිමේන්තුවේ දි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පැවසුවේ  මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අධිකරණ නිලධාරීන් කීප දෙනෙකුගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවය.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සේවයේ නියුතුව සිටි කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග   සාක්ෂි දෙමින් සිද්ධිය වූ දින පෙරවරු 9.30 හෝ 9.35 ට පමණ අධිකරණයේ නඩු විමසීම් ආරම්භ වූ බව පැවසීය.

“එදින යෙදිලා තිබුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමයි. පෙරවරු 9.40 ට පමණ අධිකරණ ශාලාවේ වසා දමා තිබූ දොර විවෘත කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සැකකරුවකු විවෘත අධිකරණය තුළට රැගෙන ආවා. එක් බන්ධනාගාර නිලධාරියකු මා අසලට පැමිණ කිව්වා ගණේමුල්ල  සංජීව අරන් ආවා කියලා. මම සැකකරුව සිරමැදිරියට දාන්න කිව්වා. 

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඒ වෙලාවේ බන්ධනාගාර නිලධාරියා කිව්වා මේ සැකකරුට හතුරෝ ඉන්න නිසා කූඩුවේ දාන්න බෑ කියලා. පස්සේ බංකුවේ වාඩි කරන්න කිව්වා. මහෙස්ත්‍රාත්වරිය විමසුවොත් ඔබතුමාලම හේතු පැහැදිලි කරන්න කියලත් මම බන්ධනාගාර නිලධාරියාට පැවසුවා.

පසුව මේ සැකකරුව බංකුවේ වාඩි කෙරෙව්වා. නඩු තිහක් පමණ  skype තාක්ෂණය ඔස්සේ ගත්තාට පසුව skype සම්බන්ධතාවය බිඳ වැටුණා. පසුව ගණේමුල්ල සංජීව ගේ නඩුව කැඳෙව්වා. විත්තිකරු විත්ති කූඩුවට ඉදිරිපත් කළා.

ඒ වෙලාවේ මහෙස්ත්‍රාත්තුමිය සැකකාර ගනේමුල්ල සංජීව ගෙන් විමසුවා නඩුවට ඇප තිබ්බද කියලා. ඒ වෙලාවේ ගණේමුල්ල සංජීව සඳහන් කළා ඇප තියන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා. ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට නවය කියන වචනය පමණයි කියන්නට ලැබුණේ. එකපාරටම වෙඩි ශබ්ද  තුන හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා. නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඒ සමග තමයි වෙඩි
ශබ්ද ආවේ. මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයිපටියක් ඇඳ සිටියා. පසුව ඒ පුද්ගලයා දොර ඇරගෙන පිටට පැන ගියා. අතේ මොකුත් තිබ්බේ නෑ. පසුව මම විනිසුරු ආසනය දෙස බැලුවා. එහි විනිසුරුතුමිය හිටියේ නෑ. පසුව අපි පරීක්ෂා කළා. පසුව විනිසුරුතුමිය බෙන්ච් එක යට තමයි සිටියේ. පසුව අපි ඇයව ආරක්ෂිතව නිල මැදිරියට රැගෙන ගියා. මහෙස්ත්‍රාත්තුමිය කම්පනයකට පත්වී සිටියා. පසුව වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකාර ගනේමුල්ල සංජීව විත්ති  කූඩුව තුළ උඩුබැලි අතට අතට වැටී සිටියා.” යනුවෙන් සඳහන් කළේය.

ඉන් අනතුරුව සාක්ෂි දුන් සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සිටි නීතිඥවරයෙකු වන ප්‍රියන්ත පුෂ්පකුමාර සමරනායක   සාක්ෂි දෙමින් තමන් සිද්ධිය වූ දින පෙරවරු 8.30 ට පමණ අධිකරණ ශාලාව තුළට පැමිණි බව සඳහන් කළේය.

“පෙරවරු 9.30 ට පමණ නඩු කටයුතු ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී උස පුද්ගලයෙකු ෆයිල් කවරයකින් මුහුණ වසාගෙන අධිකරණ ශාලාව තුළට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ. මම මේ පුද්ගලයා නීතිඥවරයෙක් කියලා හිතුවේ නෑ. මම හිතුවා මේ පුද්ගලයා සී.අයි.ඩී එකේ හෝ නාකොටික් එකේ  ඔෆීසර් කෙනෙක් කියලා. පසුව ගණේමුල්ල සංජීවගේ නඩුවක් කැඳෙව්වා. 

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව විත්ති කූඩුවට ඉදිරිපත් කළා. මහෙස්ත්‍රාත්තුමිය ඇහුවා සැකකරු ගෙන් ඇප තියල ද කියල. ඔහු කිව්වා ඇප තියන්නේ නැහැ කියලා. පසුව මහෙස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසුවා අධිකරණ නියෝග නැතුව ඇයි අරන් ආවේ කියලා. ඊට බන්ධනාගාර නිලධාරීන් යමක් ප්‍රකාශ කළා.

ඒ සමගම අර උස පුද්ගලයා පිටිපස්සෙන් යමක් අරගෙන සංජීව දෙසට එල්ල කලා. ඒ සමඟම වෙඩි සද්ද ආවා. වෙඩි සද්ද පහක් පමණ ඇසුණා. පසුව ඒ පුද්ගලයා පිස්තෝලය බිම දමා දොර ඇරගෙන පිටව ගියා.  පසුව රුක්ෂාන් කියන නිලධාරියා” ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා” කියලා කෑ ගැහුවා. කට්ටිය කෑගහන්න පටන් ගත්තා. සංජීව  කූඩුවේ වැටිලා හිටියා මම දැක්කා” යනුවෙන් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් අනුර විජේසිරි   සාක්ෂි ලබා දුන්නේය.

ඔහු සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ඉකුත් 19 වනදා පෙරවරු 9.15 ට පමණ තමා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළට පැමිණි බවය.

“එදා පෙරවරු 9.30 ට පමණ අධිකරණ කටයුතු ආරම්භ වුණා. එදින ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විමසීම යෙදී තිබූ නිසා අධිකරණ ශාලාව තුළ සිටි සිවිල් පුද්ගලයින් ඉන් ඉවත් කළා. අධිකරණ කාර්යය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරීන් හා නීතිඥවරු අධිකරණය තුළ රැඳී සිටියා. පෙරවරු 9.45 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවකු අධිකරණය තුළට අරන් ආවා. පසුව ඔහුව බන්ධනාගාර සිර මැදිරිය අසල බංකුවක වාඩි කළා. පසුව ඔහුගේ නඩුව කැඳව්වා. පසුව නීතිඥ මහත්තයෙක් වගේ හිටපු කෙනෙක් විත්ති කූඩුවේ සිටි  සැකකරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කළා.  වෙඩි තැබීම් පහක් පමණ සිදු කළා. ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා උසාවිය ඇතුලේ හිටපු කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා. පසුව වෙඩි තැබූ පුද්ගලයා දොර ඇරගෙන පලා ගියා. ඒ වෙලාවේ එස්.ටී.එෆ් නිලධාරීන් ආවා. සිවිල් පුද්ගලයෝ පඩිපෙළේ වැටී සිටියා. එස්.ටී.එෆ් නිලධාරීන් පඩිපෙළේ ඉන්නවා දැක්කා. පසුව විත්ති කූඩුව අසල රිවෝල්වරයක් වැනි ගිනි අවියක් තිබෙනවා මම දැක්කා.” යනුවෙන් සාක්ෂිකරු සාක්ෂි දෙමින් කියා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 27 වන දා දක්වා කල් තැබීය. ( අද දෙරණ)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කට්ටිය වචන පටලවන්…. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නෑ…. චම්පික කියයි!

Next Post

උස්වැටකෙයියාව වෙරළේ වෙඩි තබා කළ ඝාතනය – සැකකරුවන් 07ක් අත් අඩංගුවට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.