පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පත්වු රෝහිත අබේගුණවර්ධනට විරෝධය පළකරමින් හත්වන කෝප් කමිටු සාමාජිකයාත් අද දහවල් ඉල්ලා අස් විය.
මුල්‍ය චෝදනා මෙන්ම දුෂණ සම්බන්ධ අපකීර්තිමත් ගර්හාත්මක පිළිගැනීමක් සහිත මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරි පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහාය.
ඔහුගේ ප්‍රධානත්වයෙන් පළමු රැස්වීම මාර්තු 07 වැනිදා පැවැත්විනි.
මෙහිදී සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණි වලේබොඩ ගේ නම් යෝජනා විය. රෝහිත අබේගුණවර්ධනගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසින් ස්ථිර කර තිබිනි..
එසේම ගරු ගාමිණි වලේබොඩ ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා විසින් ස්ථිර කරන ලදී. පැවති ඡන්ද විමසීමේදී ගරු රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
සභාපතිවරයාට විරෝධය පළකරමින් ඊයේ කෝප් කමිටු සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉල්ලා අස් විය.
මේ වනවිට එම සභාපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මහාචාර්ය මන්ත්‍රී චරිත හේරත් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
කෝප් කමිටු සභාපතිවරයා ලෙස රෝහිත අබේගුණවර්ධනගේ පත්වීම අදත් පාර්ලිමේන්තුව තුළ දැඩිව විවේචනය වූ අතර කෝප් කමිටුව විහිලුවක් වීමේ ආදිනව කථානායකවරයාට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේය.
එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ප්‍රකාශ කළේ නැවත කෝප් කමිටුව රැස් කර මෙම පත්වීම නිවැරදි කිරීමට කටයුතු නොකළහොත් කොප් කමිටුව සම්බන්ධව බරපතල බිඳවැටීමක් සමාජය තුළ ඇතිවිය හැකි බවය.