සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ පුරපති සටන 16 දා ඇවිලෙන හැටි!

by editor
ජූනි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

විපක්ෂය විසින් බහුතර මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින කොළඹ මහනගර සභාව සදහා නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනිමේ කාර්යය සදහාවන පළමු රැස්විම මෙම මස 16 වැනි සදුදා දින පෙරවරු 9.30ට කොළඹ මහනගර සභාවේ සභා රැස්විම් ශාලාවේ දි පැවැත්වේ.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කොට ඇත.2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්දවිමසිම ( සංශෝධන) පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්දවිමසිම් ආඥාපනතේ 66 ඇ වගන්තිය යටතේ ඇති බලතල ප්‍රකාරව නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු පත්කරගැනිම සදහා මෙම රැස්වීම කැදවා ඇත.

මේ වනවිටත් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනිම සම්බන්දයෙන් ජාතික ජනබලවේගය සහ සමගිජනබලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත. ජාතික ජනබලවේගය විසින් කොළඹ මහනගර සභාවේ පාලන බලය ලබා ගන්නා බවට ප්‍රකාශකොට ඇත. ස්වකීය නගරාධිපති අපේක්ෂිකාව ව්‍රායි කැලී බල්තසාර් බව ඔවුන් නිවේදනය කර තිබේ.

සමගිජන බලවේගය ද සඳහන් කොට ඇත්තේ කොළඹ මහනගර සභාවේ බලය තමන් හිමිකරගන්නා බවත් විපක්ෂයේ සියලු පක්ෂවල සහයෝගයෙන් සමගිජන බලවේගයේ නගරාධිපතිවරයකු තෝරාපත්කරගන්නා බවත්ය. එහෙත් සමගි ජන බලවේගය මේ ලියන මොහොතවනතුරුත් සිය නගරාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කර නැත. සජබ විධායක සභික මුජිබර් රහුමාන් ඊයේ ප්‍රකාශ කළේ අද දිනයේ දී සිය අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවය.

එක්සත් ජාතික පක්ෂය දැනටමත් සමගි ජන බලවේගය හා එක්ව කොළඹ නගරසභාවේ බලය පිහිටුවීමේ එකඟතාවයකට පැමිණ ඇත.  ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහාය ලබා දීම කළ නොහැකි බව මුලින් ප්‍රකාශ කළ පොදුජන එක්සත් පෙරමුණ සිය ස්ථාවරය වෙනස් කරමින් දූෂිත මාලිමා රජයට එරෙහිව විපක්ෂ බලය පිහිටුවීමට විපක්ෂ අපේක්ෂයාට ඡන්දය දෙන බව කීවේය. පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේ තම අපේක්ෂකයින් ඡන්දය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට  ලෙස හඳුනාගත් දේශපාලන පක්ෂයකට නොව විපක්ෂ අභිලාෂය වෙනුවෙන් බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ අතර මන්ත්‍රී ආසන 2ක් සහිත සර්වජන බලය ස්වාධීනව සිටින බවත් ඡන්දයේ දී සුදුසු අපේක්ෂකයා තෝරාගෙන සිය ඡන්දය ප්‍රකාශ කරන බවත් කීවේය. එක්සත් ජනරජ පෙරමුණ ලෙස එක් මන්ත්‍රී ධූරයක් සහිත චම්පික රණවකගේ නායකත්වය දරණ දේශපාලන පක්ෂය කීවේ තමන්ද ස්වාධීන තීරණයක් ගන්නා බවය.

පළාත් පාලන ආයතන අතරින් වඩාත් වැදගත් සථානයක් හිමි කර ගන්නා කොළඹ මහ නගර සභාවේ මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117ක් වන අතර, ඉන් මන්ත්‍රී ධූර 48ක් ජාතික ජන බලවේගය විසින් දිනා ගෙන තිබේ. කෙසේ වෙතත්, මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50% කට වැඩි ප්‍රමාණයක් එක් පක්ෂයකට ලබා ගැනීමට නොහැකි වීම නිසා නගරාධිපති ධූරය සඳහා තරඟයක් ඇති වී තිබේ. ජාතික ජන බලවේගය පවසන්නේ ස්වාධීන කණ්ඩායම්ව මන්ත්‍රී ධූර 09 තමන් සතු බවය. මේ සභික ධූර අතර පොලිසිය විසින්ම කුඩු ලාල් ලෙස හඳුන්වන ලාල් පීරිස්ගේ නිවුන් දරුවන් නියෝජනය කරන අංක 03 ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රී ධූර 03ක් ද වේ. මේ මන්ත්‍රී ධූර කොළඹ නගර සභාව පිහිටුවීමට ජාතික ජන බලවේගයට එක් වන්නේ නම් එය නගරාධිපති ධූරයට සමාන බරකින් ගෙන මැනිය යුතු කාරණයක් බවට අදහසක් තිබේ.

ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට හිතවත් බලවේග පෙන්වා දී ඇත්තේ කොළඹ නගරසභාවේ බලය පිහිටුවීමේ සදාචාරාත්මක අයිතිය ඇත්තේ කණ්ඩායමක් ලෙස බහුතර සභික ධූර ප්‍රමාණයක් දිනාගත් ජාතික ජන බලවේගයට බවය. මේ අවස්ථාවේ දී ස්ථාවර සභාවක් පිහිටුවාගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දීම දේශපාලන සදාචාරය බව ඔවුහු කියති. එමෙන්ම  මේ එක්ව මතු වන්නේ අරගලයේ දී පලවා හරින ලද  දුෂ්ඨ බලවේගවල එකතුවක් බවත් ජනතා ජයග්‍රහණය මැඩ පැවැත්වීමට මතුවන මේ දුර්දාන්තය එක විට යළි පරාජය කළ යුතු බවත් මේ කණ්ඩායමේ මතවාදය වී ඇත.

මන්ත්‍රී ධූර බෙදී ගොස් ඇති ආකාරයකොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117 පහත පරිදි බෙදී ගොස් ඇත:

  • ජාතික ජන බලවේගය: මන්ත්‍රී ධූර 48
  • සමගි ජන බලවේගය: මන්ත්‍රී ධූර 29
  • එක්සත් ජාතික පක්ෂය: මන්ත්‍රී ධූර 13
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: මන්ත්‍රී ධූර 5
  • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය: මන්ත්‍රී ධූර 4
  • ස්වාධීන කණ්ඩායම අංක 3: මන්ත්‍රී ධූර 3
  • සර්ව ජන බලය පක්ෂය: මන්ත්‍රී ධූර 2
  • ස්වාධීන කණ්ඩායම් අංක 4 සහ අංක 5: මන්ත්‍රී ධූර 2 බැගින්
  • ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ, ස්වාධීන කණ්ඩායම් 1 සහ 2: මන්ත්‍රී ධූර 1 බැගින්
Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති අරමුදල උතුරට…

Next Post

චම්පිකගේ කොළඹ සෙට් එක කොළඹ නගරසභාවේ එකම සභික ධූරයට මරාගනිති!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.