සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිෂ් නඩුවට අදාලව පොලිසියට දුන් ලේඛණ අස්ථානගත කරලා… නාමල් ගේ පාර්ශවයෙන් කියන කතාවක්….

by editor
සැප්තැම්බර් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය සමාගමක් වන ‘ක්‍රිෂ්’ වෙතින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව ගොනුකර තිබේ.

මේ වනවිට නාමල් රාජපක්ෂ පාර්ශවය පවසන්නේ මෙම මිලියන 70 වියදම් වූ ආකාරය පිළිබඳව සවිස්තර වාර්තාවක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවය.

නමුත් පොලිසිය එම සම්පූර්ණ වියදම් වාර්තාව අස්ථානගත කරගෙන ඇතැයි එම පාර්ශවයෙන් චෝදනා කරන   අතර එය නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී නැති බවද පවසයි. නාමල් රාජපක්ෂ පාර්ශවය දැන් කියන්නේ  වියදම් වාර්තාව අස්ථාන ගත කරගෙන පොලිසිය ඉදිරිපත් කර ඇත්තේ  විස්තර වාර්තාව නොමැතිව ආවරණ ලිපිය ලිපිය පමණක් බවය.

කෙසේ වෙතත්  රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ඉන්දියානු සමාගම විසින් ලබාදුන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් 18 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ ඊයේ (26දා) දින නියම කර ඇත.

එකී චෝදනාවලට පාදකව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති මූලික විමර්ශනවලට අදාළ නඩු ගොනුව වහාම තම අධිකරණයට කැඳවීමට ද විනිසුරුවරිය නියෝග කළාය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එයට අමතරව විත්තිය විසින් ඉල්ලා ඇති නඩුවට අදාළ ලේඛනවල පිටපත් ඉදිරි දිනයට පෙර විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙසටද විනිසුරුවරිය නීතිපතිවරයාට නියෝග කළාය.

එම නඩුව ඊයේ (26දා) විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් කරුණු දක්වමින් තමන් විසින් පැමිණිල්ලෙන් ඉල්ලා ඇති ලේඛන බහුතරයක් විත්තියට ලබාදී ඇතත් තවත් ලේඛන රැසක අඩුපාඩුවක් පවතින බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

සාධාරණ නඩු විභාගයකට මුහුණදීම සඳහා විත්තියට එකී ලේඛන අවශ්‍ය වන්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙකී නඩුකරයට අදාළ වූ ලේඛන බහුතරයක් පැමිණිල්ල විසින් විත්තියට ලබාදී ඇති බවත් විත්තිය ඉල්ලා ඇති සමහර ලේඛන මෙම නඩුවට පාදක නොවන එම විත්තිකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කොට ඇති මේ වනවිටත් විමර්ශන අවසන් නොමැති සිද්ධියකට අදාළ ඒවා වන බැවින් එකී ලේඛන ලබාදීමේ හැකියාවක් නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණයට පැවසීය.

කෙසේ නමුත් මෙකී අධිචෝදනා පත්‍රයට අදාළ කාලසීමාව සම්බන්ධයෙන් යම් ලේඛනයක් ලබාදීමට ඇත්නම් ඒවාද නොපමාව ලබාදීමට පියවර ගන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය පෙරකී නියෝගය කළාය.

රජයේ අධිනීතිඥ අකිලා දල්පදාතු සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ නිශ්ශංක පීරිස්, අතුල ද සිල්වා, අනුරාධ වේරගොඩ යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් විත්තිය නියෝජනය කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්!

Next Post

පකිස්ථාන තරගයේ ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පුදකළ සූර්යකුමාර් යාදේව්ට ICCය දඬුවම් කරයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.