මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක ද පෙරහැර නැරඹීමට එක් විය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සහ විදෙස් තානාපතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







