මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) සවස කරන ලද මෙහෙයුමක් මත ඉහත වැටලීම සිදුකර තිබේ.
සැකකරු මිනුවන්ගොඩ පොලිිසයට ඉදිරිපත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







