සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එළි පිටම බය නැතිව මිනී මරන්න පාතාලයට සහතිකයක් ලැබුනේ කාගෙන් ද?..

by editor
දෙසැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 ඉඳුනිල් කහටපිටිය –

නිවසටම පැමිණ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියක් අවසානයට අහන්නට ලැබුනේ මීට දින 04කට පෙරය. කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ දී 34 හැවිරිදි සූර්ය විදුලි බල ව්‍යාපාරයක නිරතවන තරුණ ව්‍යාපාරිකයෙක් ජිවත්වන නිවසට පැමිණ ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබිණි. වෙඩි තබා තිබුණේ ටී -56 ගිනි අවියකිනි. පොලිසිය කීවේ පළපුරුදු වෙඩික්කරුවෙක් එම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ඊයේ (28)  යළිත් වරක් රට කම්පනය වුනේය. ඒ සුදුපැහැති කාර් රථයකින් පැමිණෙන ඝාතකයින් සීදුව ලියනගෙමුල්ල වෙරළබඩ පාර ප්‍රදේශයේ ජීවත්වන ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණ එකම පවුලේ පියාට පුතුන් දෙදෙනාට වෙඩි තැබීමය. වෙඩි තබා තිබුණේ ටී.56 ගිනි අවියකිනි. මේ ගිනි අවිය ක්‍රියාත්මක කර ඇත්තේත් පළපුරුදු වෙඩි කරුවෙක් බව පොලිස් මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. වෙඩි වැදුන ටෙරන්ස් ප්‍රසන්න නැමැති වැඩිමහලු පුතා මිය ගොස් ඇත. තාත්තාටත් අනෙක් පුතාටත් අසාධ්‍යය.

මේ වනවිට 73න් හැවිරිදි තාත්තා මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. අනෙක් පුතා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

ඝාතනය සඳහා එන සුදු පැහැති වාහනය සීසීටීවී කැමරාවල සටහන්ව ඇත. පසුව එම වාහනය ඝාතන ස්ථානයට කිලෝමීටර පහකට ආසන්න දුරින් පිහිටි කෝවින්න ආදාහනාගාරය අසල දමා ගොස් තිබිණි. එය පොලිසියට හමුවන්නේ වාහනයේ තුළ යම් සාක්ෂියක් ඉතිරි වේ නම් එම සාක්ෂි විනාශ වි යන ආකාරයට වාහනය ගිනි තබා තිබියදීය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මේ සිදුවන්නේ ආසන්න සති තුනක පමණ කාලයක් තුළ සිදුවන 16 වැනි වෙඩි තැබීමය.   සිදුවන්නේ කුමක්දැයි රට බලාගෙන ඉන්නේ තිගැස්මෙනි. එක්වර අපරාධ ඉහළ යමින් ඇතිි ආකාරයක් රටට දන්වමින් ඇත.

පසුගියදා පුද්ගලික මාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට පැමිණෙන මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල පැවසුවේ අපරාධ සිදුවිම් එක්වරම මේ ආකාරයෙන් ඉහළ යන්නට හේතුව කෘත්‍රිම එක්ක යැයි හැඟෙන තරමටම එය අස්වාභාවික බවය. මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු   බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය. ඔහු ඉඟි කරන්නට හදන්නේ මේ ඝාතන පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවය.  අහවල් කුමන්ත්‍රණ තිබුණ ද ගෙදරට ඇවිත් වෙඩි තබා මිනිස්සු මරන බලය පාතාල මැරයින්ට අත් පත් කර ගෙන ඇතිනම්, මිනී මරා අවුලක් නැතිව හිටිය හැකි ආකාරය සම්බන්ධව සහතිකයක් ඔවුන්ට කොතැනින් හෝ ලැබී තිබේ.  මේ සහතිකය ලැබෙන්නේ රජයේ දුර්වලතාවය නිසා ද පොලිසියේ අවුලක් නිසාදැයි අපට වැටහෙන්නේ නැත. රජය පත් වී මාස 2ක් ගතවී නැති බව සැබෑය. හැබැයි පොලිසිය පත් වීම අවුරුදු 158කුත් මාස දෙකකි.

දේශපාලන බලපෑමක් රහිතව වැඩ කිරීමේ නිදහසත්, මතුවන රාජකාරි ගැටළුවලට විසඳුම් ලබා දෙන බවට සහතිකත් රජයෙන් තිබේ නම්,  පාතාලය සහ මත්කුඩු ජාවාරමට එරෙහිව කටයුතු කරන්නට පොලිස්පතිවරයාත් සූදානම් නම් ඒ කටයුත්ත  පොලිිසයෙන් සිදුනොවන්නේ  හැකි කුමක් නිසාදැයි  දැන් රජය පොලිසියෙන් පෙරළා ප්‍රශ්න කරමින් ඇත.  රජයම පවසන ආකාරයට පොලිසියේ ඇතැම් නිලධාරීන් පාතාලයෙන් පඩි ගන්නේය. පාතාලය සමග එක්ව කප්පම් ගන්නේය.

අනෙක් පැත්තෙන් පොලිසියෙන් එන චෝදනාව වන්නේ හැම රෙද්දටම ඇඟලි ගසමින් කිසිම විචාරයක් නැතිව කටයුතු කරන මහජන ආරක්ෂක ලේකම්ගේ හැසිරීමය.  සිවිල් පරිපාලන නිලධාරියෙක් එම තනතුරට නොයොදා සිදුකළ මෙම පත්විම ගැටලු සහගත බවත් පොලිසියේ ඉන්නා වකවානුවේ කරගත නොහැකි දේ විශ්‍රාමගොස් පැමිණි පසු ඉටු කරනු ඇතැයි විශ්වාස කළ හැක්කේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්න කරන්නේය.  ජනාධිපතිවරයාට සහ ඉන් පහළ දේශපාලන අධිකාරියට අවශ්‍ය දේ අපට පෙනන ආකාරයට ඒ ඒ මට්ටම්වලින් සිදුවන බව පෙනෙන්නේ නැත.

මේ වනවිට රජයට ගැටෙන්නට සිදුවී ඇත්තේ රජය පත් කරගැනීම සඳහා අති විශාල සහයෝගයක් ලබා දුන් පොලිසිය ද සහිත රාජ්‍ය සේවකයින් සමගය. ජනාධිපතිවරයා  රාජ්‍ය සේවකයින් අමතමින් ජන වරමට අනුකූලව කටයුතු කරන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය. කෘෂිකර්ම ඇමති කීවේ සුනාමියක් සේ වර්ධනය වි මහජන විරෝධය රාජ්‍ය සේවයට පැමිණෙනු ඇති බැවින් කල්පනාවෙන් වැඩ කරන ලෙසය. ඇමති සුනිල් හඳුන්නෙත්ති විසින් රාජ්‍ය සේවකයින් හා ගැටෙන්නට සිදුවී ඇති ආකාරය ඊියේ එළිපිටම කිවේය.  මහජන ආරක්ෂක ඇමති පොලිසියෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේම බහුතරය ද ඡන්දය දී පත්කරගත් ආණ්ඩුවේ ජන වරමට ගරු කරන ලෙසය.  සියල්ල  මේ අයුරින් පෙළ ගැසෙන විට රජය විසින් ඇතැම් තනතුරුවලට පත්  කරගත් රාජ්‍ය සේවයේ ප්‍රධානීන් ද පිස්සු කෙළීම අර්බුදයේ ගැඹුර වර්ධනය කරන්නේය.

භූමියේ ඇති ගැටලුව හිතනවාට වඩා බරපතලය.  රජය පාතාල මර්ධන මෙහෙයුමක් සම්බන්දව ප්‍රකාශ කරන්නේ මේ පසුබිමේ දී ය.  පාතාලයට ණයත් නැති බවත් බය නැති බවත් කී රජයට කටයුතු කිරීමට සිදුවී ඇත්තේ පාතාලයට ණය සහ පාතාලටය බය පොලිසියක් සහ එම පොලිසිය දේශපාලනිකව ලද ජන වරම ප්‍රකාරව පරිපාලනය කර ගත නොහැකි දුර්වල නිලධාරින් කණ්ඩායමක් සමග වීම අවසානයේ තීන්දු කරනු ඇත්තේ මේ ආණ්ඩුවේ ඉදිරි ගමනය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද සිට ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්…

Next Post

දකුණු කොරියානු ගුවන් අනතුරින් මිය ගිය ගණන 62 තෙක් ඉහළ නගී!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.