මෑත කාලීන එක්සත් ජනපද තීරුබදු මගින් ඇති කරන ලද ආර්ථික අභියෝගවලට ශ්‍රී ලංකාව මුහුණ දීම සඳහා ඇති හදිසි අවශ්‍යතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත.
අඟහරුවාදා (29) පැවති අතථ්‍ය මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සඳහා වූ IMF මෙහෙවර ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පැවසුවේ, වැඩසටහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ ඉලක්ක වලින් සිදුවන ඕනෑම අපගමනයකට පිළියම් යෙදීමට ශ්‍රී ලංකා බලධාරීන්ට දැඩි කැපවීමක් කරන්නට සිදුවන බවය. IMF මෙම කැපවීම බැරෑරුම් ලෙස සලකන බවත්, මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා ශක්තිමත් දර්ශක හඳුනා ගන්නා බවත් ඔහු සහතික විය.
IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා අප්‍රේල් 25 වන දින, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියහ.
IMF වැඩසටහනේ සිව්වන සමාලෝචනය ආර්ථික වර්ධනයන් තක්සේරු කිරීමට, වැඩසටහන් ඉලක්ක සමාලෝචනය කිරීමට සහ ඉදිරි කාලය සඳහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තීරණය කිරීමට අවස්ථාවක් ලබා දී තිබේ.
විශේෂයෙන් අප්‍රේල් 2 වන දින එක්සත් ජනපදය ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා අපනයන සඳහා වු 44% ක තීරුබදු සමග මෙම සමාලෝචනය සැලකිය යුතු වෙළඳ ප්‍රතිපත්ති කම්පනයක් සමඟ සමපාත වී තිබිණි.
ශ්‍රී ලංකාවේ අපනයනවලින් සැලකිය යුතු කොටසක් එක්සත් ජනපදයට කරන අපනයන ආවරණය කරයි. මේ තත්ත්වය තුළ එක්සත් ජනපදයට කරන ප්‍රධාන අපනයනයන්වන ඇඟලුම් සහ රබර් කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාව සඳහා වන IMF මෙහෙවර ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසයි. මෙම අංශවල සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර ඇඟලුම් කර්මාන්තය පමණක් සේවකයින් 320,000 කට වඩා සේවයේ යොදවයි.
අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම සහ ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්රය පුළුල් පරාසයක වෙළඳ හවුල්කරුවන් ආකර්ශනය කිරීම සිදුකරගන්නා විවිධාංගීකරණයට ලක් කිරීමට අමතර ක්‍රම ගවේෂණය කිරීම පිළිබඳව ඔහු අවධාරණය කර ඇත.







