බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක යුද හමුදා කඳවුරකින් පැන්නූ ගිනි අවි 73කින් 35ක් තවමත් පාතාලයන් අතේ… ජනපති හෙළි කරයි!

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එක් හමුදා කඳවුරකින් සොරකම් කළ ගිනි අවි 73කින් 35ක් තවමත් පාතාලයේ සැරිසරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22)  පැවසුවේය. මේ වනවිට පිට රට හිඳිමින් අපරාධ මෙහෙයවන  පාතාල අපරාධකරුවන් 65 දෙනෙක් හඳුනාගෙන ඔවුන්ට රතු වරෙන්තු නිකුත් කළ බව ද    ජනාධිපතිවරයා පැවසුවේය.  බන්ධනාගාරය තුළ හිඳමින් අපරාධ සිදුකරන පාතාලයින් ගේ ක්‍රියාකාරකම් නැති කිරීමට කටයුතු කරමින් යන බවත් ඔහු පෙන්වා දුන්නේය. 

ජනාධිපතිවරයා මේ බව හෙළි කළේ  පාතාලය සහ කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම මේ සමාජයෙන් තුරන් කරන බවට සහතික වෙමිනි. ඒ සම්බන්ධව ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“අපට දෘෂ්‍යමානවෙන ලෝකයට යටින් තාම බරපතල පන්නයේ අපරාධ ලෝකයක් ලංකාවේ තියනවා. අපේ රටේ නමගිය අපරාධකරුවන් විදෙස් රටවල ඉඳන් අපරාධ මෙහෙයවනවනවා. ”

ඒ 65 දෙනෙකුට මේ වනවිට අපි රතු වරෙන්තු අරන් තියනවා. අපි සාකච්චා කරමින් ඉන්නවා ඔවුන් ලංකාවට කැඳවන්න.

“තව කණ්ඩායමක් බන්ධනාගාරය ඇතුළෙ සිට අපරාධ මෙහෙයවනවා. අප ඒ ප්‍රධාන අපරාධකරුවන් එක් මූලස්ථානයකට ගෙනිහින් අපරාධ ඇතුළෙ ඉඳන් මෙහෙයවන්න බැරි තත්ත්වයක් අපි දැන් හදනවා. ඒකට අපි තීරණයක් ගත්තා ආරක්ෂක කවුන්සිලයේ දී.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“අපේ රටේ හමුදාව ඉතාම නීත්‍යානුකූළ ගෞරවාන්විතව රාජකාරි කරනවා. හැබැයි ඒ ලක්ෂ ගණනක් වන හමුදාවටත් අපකීර්තියට ලක් කරන සිදුවීම් මේ අපරාධ ලෝකයේ තියනවා.”

“එක් හමුදා කඳවුරකින් ටී 56 ගිනි අවි 73ක් පාතාලයට ගිහින් තියනවා. ඉන් 38ක් හොයාගෙන තියනවා. තව 35ක් අපරාධ කල්ලි අතේ ගැවසෙනවා. මේ ගිනි අවි එකවර එළියට ගිහින් තියනවා. මේ කතාව කියන්නේ හමුදාව පිළිබඳ ගෞරවය විශ්වාසය ඒ ආකාරයෙන්ම තියාගන්න ගමන්…  අතලොස්සක් ඉන්නවා මේ වැඩේ වෙන.

මම කියන්නේ නිදැල්ලේ ගිනි අවි සැරිසරනවා. සමහර අපරාධයන්ට සමහර උසස් ආරක්ෂක නිලධාරීන්ගේ සම්බන්ධක් තියනවා. මේ රට අපරාධවලින් ගහණ ඒ අපරාධවලට කොයි වෙලාවෙ කවුරු බිලිවිය හැකිද කියලා හිතන රටක් තමයි. ඒකට අවි ආයුධ තියනවා. ප්‍රහාරය සඳහා පුහුණු කළ කණ්ඩායම් ඉන්නවා. කුඩු ව්‍යාපාරය තියනවා. මුදල් තියනවා.

ඔබ දකින්න ඇති පසුගිය දා දඹුල්ලේ රුපියල් බිලියන 2.8 විශාල මුදල් තොගයක් හම්බවුනා. විශාල මුදල් තියන, කුඩු ජාවාරමේ යෙදෙන, ලෝකයක් මේ පොදු සමාජය යට තියනවා. දැන් මොකක්ද කරන්නේ. මේක නතර කරන්න ඕන. අපට යම් කාලයක් ගතවුනා. පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ව්‍යුහයක් අපි හැදුවා. එම ව්‍යුහය පොලිස් කොමිසමෙන් අනුමත කරන්න ලැබුණා. ඒක අනුමත කළා. පොලිස් දෙපාර්තමේන්තුවෙ නව ව්‍යුහයක් අපි හදලා තියෙන්නේ. ඒ එන ව්‍යුහයේ පාතාලය, කුඩු ක්ෂේත්‍රය මැඩ පැවැත්වීමට අවශ්‍ය ඒකකයන් පිහිටුවලා තියනවා.

ඒ නිසා මේ අපරාධවලින් ගහණ මේ රාජ්‍යය බේරගන්න ඕන. මේ පාතාලය වර්ධනය වෙන්නේ දේශපාලන රැකවරණය යටතේ කියලා පොලිස්පති තුමා කිව්වා. මම ඔබට සහතිකයක් දෙන්නම්. පාතාලය රැක ගන්න දේශපාලනයක් නොකරන බවත් දේශපාලන ඇඟිලි ගැසීම් නැති බවත් ජනාධිපතිවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුජීත වූ එස්.එස්.සී ක්‍රීඩා සමාජය බේරාගන්න පළමු පෙළ තරගාවලියේ දින වෙනස් කරලා… ක්‍රීඩා සංගම්වලින් ක්‍රිකට් ආයතනයට චෝදනාවක්…

Next Post

තව සතියකට පසු වාහන ආනයන වෙළෙඳපල විවෘත වුවත් පර්මිට් සඳහා වාහන ගෙන්වීමට ඉඩක් නෑ… ජනපති කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.