ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ කටුවැල්ලේගම, ජය මාවත ලිපිනයේ පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති නැමැති කාන්තාවය. ඇය සහ ඇයගේ සොයුරාවන 23 හැවිරිදි පින්පුර දේවගේ තිවංක වීරසිංහ අත් අඩංගුවට ගනු ලබන්නේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා මතය.
ඉෂාරා සෙව්වන්දිගේ මව අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරමින් සිටියේය. ඇය මිය යන්නේ හෘදයාබාධයක් හේතුවෙන් බවත් මරණය සිදුවී ඇත්තේ පෙරේදා (11) බවත් බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. ඇයගේ සොයුරා ද මව සමගම අත් අඩංගුවට ගැනුණි.







