ශ්‍රියානි විජේසිංහ –
රට හැර යන වෛද්‍යවරුන් රඳවා ගැනීමට කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙළ නොතකා හැර වෛද්‍යවරුන්ගේ හිඟය මගහරවා ගැනීමට බව කියමින් හතුපිපෙන්නාක් මෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන්ට ගැනීමට රජය කරන සැලසුමට එරෙහිව දැක්විය හැකි උපරිම විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ආගමික් මතවාදයන්ට අනුවද වෛද්‍ය විද්‍යාලයන් බිහිකිරිමට අනුමැතිය ලබා දීම සඳහා රජය සාකච්ඡා පවත්වන බවය.
මේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ අනාදිමත් කාලයක සිට ජාත්‍යන්තරව පිිලිගත් වෛද්‍ය අධ්‍යාපනය වල පල්ලට යවා කිසිදු ශඛ්‍යතා අධ්‍යනයකින් තොරව ආරම්භ කිරීමට යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට එරෙහිව සංගමය දැඩි තීන්දු තීරණ ගැනීම මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතිහාසයේ කවරදාවකවත් කටයුතු නොකළ සංයමයකින් කටයුතු කිරීම නිවට කමක් යැයි නොසිතන ලෙස ද ඔහු වගකිවයුත්තන්ට අවධාරණය කළේය.