සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක්… පුද්ගලයින් 07ක් සහිත හෙළිකොප්ටර් යානයක් කඩා වැටේ!

by editor
ජූනි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (15) උදේ උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කේදර්ඝාටි කලාපයේ දී පුද්ගලයින් හත් දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක් ​​කඩා වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අනතුරුට ලක් වී තිබුණේ කේදර්නාත් සිට ගුප්ත්කාෂි දක්වා ගමන් කරමින් තිබූ ආර්යන් ඒවියේෂන් පුද්ගලික සමාගමට අයත් හෙලිකොප්ටරයකි. යානය උදෑසන 5:30 ට පමණ ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු කඩා වැටී තිබිණි. යානය කඩා වැටුන උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කේදර්ඝාටි හි ගෞරිකුන්ඩ් සහ ත්‍රිජුගිනාරායන් කලාපය දුර්ගවලින් පිරි ප්‍රදේශයකි. ආර්යන් ඒවියේෂන් පුද්ගලික සමාගමට අයත් හෙලිකොප්ටරය ගිනිගෙන දැවී යන්නේ ඒ ප්‍රදේශයේ දී ය.

උත්තර්කන්ඩ් සිවිල් ගුවන් සේවා සංවර්ධන අධිකාරිය උපුටා දක්වමින් ඉන්දාය ටුඩේ පවසන්නේ හෙලිකොප්ටරය කේදර්නාත් සිට ගුප්ත්කාෂි බලා උදෑසන 5.30 ට පමණ ගුවන් ගත වූ නමුත් ගුවන් ගත වී ටික වේලාවකට පසු කඩා වැටුණ බවය.

රුද්‍රප්‍රයාග් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී නන්දන් සිං රාජ්වර් මාධ්‍යයට පවසා ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ දුර්වල දෘශ්‍යතාව මධ්‍යයේ ගෞරිකුන්ඩ් වනාන්තරයට ඉහළින් අනතුර සිදු වූ බවයි.

ගාර්වාල් කලාපයේ ප්‍රධාන පොලිස් නිලධාරී රජීව් ස්වරූප් අනතුර තහවුරු කළ අතර අනතුර සිදුවූ ස්ථානය ඉතා දුර බැහැර ප්‍රදේශයක් බව පැවසීය. පොලිස් සහ රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් එම ස්ථානයට යවා ඇති බව ඔහු තවදුරටත් කීවේය.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

උත්තර්කන්ඩ් ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමි ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින් මෙසේ කීවේය. “රුද්‍රප්‍රයාග් දිස්ත්‍රික්කයේ හෙලිකොප්ටර් අනතුරක් පිළිබඳව ඉතා කණගාටුදායක පුවතක් ලැබී තිබේ. ප්‍රාදේශීය පරිපාලනය සහ අනෙකුත් ගලවා ගැනීමේ කණ්ඩායම් සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වේ. සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා මම බාබා කේදාර්ට යාඥා කරමි.”

මීට පෙර, මැයි 8 වන දින, ගංගෝත්‍රි ධාම් වෙත යන අතරතුර හෙලිකොප්ටරයක් ​​උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ දී කඩා වැටී පුද්ගලයින් හය දෙනෙකු මිය ගියේය. වඩාත් මෑතකදී, ජුනි 7 වන දින, කේදර්නාත් බලා ගමන් කරමින් සිටි තවත් හෙලිකොප්ටරයක් ​​ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මාර්ගයකට හදිසි ගොඩබෑමක් සිදු කිරීමට සිදුවිය. නියමුවා තුවාල ලැබූ අතර, යානයේ සිටි මගීන් පස් දෙනාම ආරක්ෂිතව බේරා ගන්නා ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රයාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබයි…

Next Post

ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට…

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.