ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය තෙල් නළ මෙරට තුළ ඉදිකිරීමේ කිසිදු එකඟතාවයකට නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසීය.
ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාකදී ඔහු මේ බව පවසා සිටියේය.
ඇමතිවරයා පැවසුවේ මෙවැන්නකි.
දැනට යෝජනා වෙලා තියන ඉන්දියාව සහ ලංකාවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අතර තෙල් නල ඉදිකිරීම පිළිබඳ යෝජානාව සම්බන්ධ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අපි එකඟතාවයකට ආවා.
එහෙම නැතිව මේ ගමනේ දි ඉන්දියාවෙ තෙල් නලයක් ලංකාවට එවන්න අප එකඟ වෙලා ආවා කියන එක සම්පූර්ණ වැරදියි. එහෙම එකඟතාවයකට ඇවිත් නෑ. දැනට යෝජිත ව්‍යාපෘතියක් තියනවා. ඒ තමයි ලංකාවත් ඉන්දියාවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අතර ඒකාබද්ධ තෙල් නල ව්‍යාපෘතියක් සම්බන්ධව. තෙල් නල එලීම සම්බන්ධ එම ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අප එකඟ වුනා. එහෙම නැතිව කිසිම ආකාරයක තෙල් නල එළීම් සම්බන්ධව එකඟතාවයකට ආවේ නෑ… ඇමතිවරයා කීවේය.







