බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියා ඇත්තටම බලු වැඩක් කළා ද?… ඉරාන නෞකාව සම්බන්ධව ඉන්දියාවට නැගෙන චෝදනා සම්බන්ධව තවත් කතාවක්!

by editor
මාර්තු 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින ගැටුම් මධ්‍යයේ, ඉරානයට එරෙහිව යුද ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියානු වරායන් හෝ නාවික කඳවුරු භාවිතා කරන බවට එල්ල වන චෝදනා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය   දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

IRIS Dena  නෞකාව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් මත ඉන්දියාවට පැමිණ රටවල් 72ක සහභාගීත්වයෙන් විශාඛාපට්ටනම්හි පැවති MILAN 2026  නාවික අභ්‍යාසයට එක් වී නැවත සිය රට වෙත ගමන් කළ නොහැකිව  ගාළු වරායට නුදුරු ජාත්‍යාන්තර මුහුදේ දී අනතුරට ලක්වීමේ සිද්ධියත් සමගම හිටපු ඇමරිකානු හමුදා නිලධාරියෙකු උක්ත ප්‍රකාශය කර තිබුණේය.

ඊට  ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව අවධාරණය කර සිටින්නේ, මෙවැනි සංවේදී ගෝලීය සිදුවීම් හමුවේ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙසය.

  • මේ මතභේදාත්මක තත්ත්වය හටගන්නේ කෙසේ ද?

මෙම මතභේදාත්මක තත්ත්වය හටගත්තේ ඇමරිකාවේ ‘වන් ඇමරිකා නිව්ස් නෙට්වර්ක්’ (OAN) නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය. එහිදී විශ්‍රාමික ඇමරිකානු යුද හමුදා කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙගර් ප්‍රකාශ කර සිටියේ, පවතින යුද තත්ත්වය හමුවේ ඇමරිකානු නාවික හමුදාවේ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බැවින්, මෙහෙයුම් සහය ලබා ගැනීම සඳහා ඉන්දීය වරායන් මත යැපීමට ඔවුන්ට සිදුව ඇති බවයි.

කර්නල් මැක්ග්‍රෙගර් එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබුණි:

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“අපගේ සියලුම කඳවුරු විනාශ වී තිබෙනවා… අපට ඇත්ත වශයෙන්ම ඉන්දියාව සහ ඉන්දීය වරායන් වෙත පසුබැසීමට සිදුවී ඇති අතර, එය එතරම් සුදුසු තත්ත්වයක් නෙවෙයි.”

මෙම වාර්තා “පදනම් විරහිත සහ ගොතන ලද” ඒවා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම ප්‍රකාශ කළේය. “ඇමරිකානු OAN නාලිකාව හරහා ඉන්දීය වරායන් ඇමරිකානු නාවික හමුදාව භාවිතා කරන බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ව්‍යාජ ඒවා” බව අමාත්‍යාංශය සිය නිල FactCheck සමාජ මාධ්‍ය ගිණුම හරහා තහවුරු කළේය.

මෙම ගැටුමට ඉන්දියාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා විදේශීය හමුදාවන්ට කිසිදු සැපයුම් සහයක්  ලබා නොදෙන බවත් නව දිල්ලිය අවධාරණය කරමින් සිටියේ ස්වකීය නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සහතික කරමිනි.  .

  • ඇත්තටම ඉන්දියාව නොබැඳි ජාතියක් ද?

ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දියන් සාගර කලාපයේදී, ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවට ඇමරිකානු සබ්මැරීනයක් මගින් ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා වන පසුබිමක කර්නල් ඩග්ලස් කරන  මෙම ප්‍රකාශය  යළිත් අවධාරණය කිරීමට හේතුවක් තිබේ. එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු සබ්මැරීනයක් මගින් මතුපිට නෞකාවකට එල්ල කළ පළමු ප්‍රහාරය ලෙස වාර්තාවන මෙම සිදුවීම සහ ඇමරිකාව ඉදිරියේ ඉන්දියාවේ කොඳු සිඳගත් හැසිරීම සම්බන්ධව තුළනාත්මක විග්‍රහයක් ලෝක දේශපාලනය තුළ ඇති වී තිබෙන බැවිනි.

මෙහිදී ලෝක දේශපාලන විචාරකයෝ  ඉන්දියාවේ වගකීම සහ රාජ්‍ය තාන්ත්‍රික පසුබිම ගැන විමසා සිටිති.   IRIS Dena නෞකාව ඉන්දියාවේ නිල ආරාධනයක් මත නාවික අභ්‍යාසයකට පැමිණි එකක් නම්, එම නෞකාව ඉන්දීය සාගර  සීමාවේ සිටින තාක් සහ ආපසු යන ගමනේදී යම් ආරක්ෂාවක් සැපයීමේ සදාචාරාත්මක වගකීමක් සත්කාරක රටට   හිමිවේ. එහෙත් දැන් වාර්තාවන ආකාරයට ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ආරාධිතයා වූ  IRIS Dena නෞකාවට මේ අනතුරු දායක අවස්ථාවේ දී ඉන්දීය වරාය ප්‍රවේශය හෝ හිමි වී නැත. නිල ආරාධනයක් මත පැමිණි නෞකාවකට මෙවැනි අවදානම් අවස්ථාවකදී රැකවරණය හෝ අවම වශයෙන් ආරක්ෂිත නික්මයාමක් සහතික නොකර  “රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසය”  බිඳ දැමීමේ අශික්ෂිත හැසිරීමට ඉන්දියාවට  ලෝකයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

දැනට වාර්තාවන ආකාරයට IRIS Dena නෞකාව ගාළු වරායට නාවික සැතපුම් 19ක් ඈතින් ජාත්‍යාන්තර මුහුදේ පැය 11 රැඳි සිට ඇත්තේ ඉන්දීය වරාය ප්‍රවේශය නොලැබීමෙන් අනතුරුව ඉරානය වෙත යන  අනතුරු දායක ගමන නොගොස් ගාළු වරාය ප්‍රවේශය හෝ ලබා ගැනීම සඳහාය.  ප්‍රහාරය එල්ල වන්නේ යා යුතු මග නොදැන ජාත්‍යාන්තර මුහුදේ සිටියදී ය.  ඉන්දියාව වරාය ප්‍රවේශයක් සලසා  දුන්නේ නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බවට මතයක් පවතී. මේ තත්ත්වය  ලෝක දේශපාලන නිරීක්ෂකයින් දැඩිව විමසා සිටී. තවදුරටත්   “මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්” හෝ  “නොබැඳි ජාතික ප්‍රතිපත්තියක් “ පිළිබඳ අදහස ප්‍රායෝගිකව  ඉන්දියාවට අදාළ නැති බවත්, ඉන්දියාව යනු මුළුමනින්ම ඇමරිකාවට නතු වී ඇති ආයතනයක් බවත් ඔවුහු පෙන්වා දෙති.

ඉන්දියාව වඩාත් ගර්හාවට ලක් වන්නේ IRIS Dena නෞකාව සම්බන්ධව වූ  රාජ්‍ය තාන්ත්‍රික වගකීමට වඩා මානුෂික සදාචාරය සම්බන්ධයෙනි. තමන්ගේ ආරාධනයෙන් පැමිණි අමුත්තෙකු (නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය) අනතුරක වැටී සිටින බව දැන දැනත්, දොරටු වසා දැමීම ආසියානු කලාපීය සංස්කෘතියට මෙන්ම ජාත්‍යන්තර සාගර නීතිවල     සඳහන් “අපදාවට පත් නෞකාවලට සහය වීමේ” සදාචාරයට පටහැනි බව බහුතර ලෝකයේ අදහස වී ඇත. මෙය “ගෝලීය දකුණේ” නායකයා ලෙස ඉන්දියාව සතු මානුෂීය ප්‍රතිරූපය බිඳ දමන්නක් වන අතර, ඉන්දියාවේ මධ්‍යස්ථභාවය හුදෙක් වාචික ප්‍රකාශයකට පමණක් සීමා වී ඇති බවත්, ප්‍රායෝගික දේශපාලනයේදී ඔවුන් බටහිර උපායමාර්ගික අවශ්‍යතාවලට යටත් වී ඇති බවත් ලෝක දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයයි.

එමෙන්ම  ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර මෑතකදී ගොඩනැඟුණු දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ පෞද්ගලික මිත්‍රත්වය, සාම්ප්‍රදායික ‘නොබැඳි’ පිළිවෙතින් බැහැරව බටහිර බලවතුන්ගේ යුදමය අක්ෂය (US-Israel Axis) වෙත ඉන්දියාව තල්ලු කර ඇති බවට අදහසක් පැවතිනි.  IRIS Dena සිද්ධිය මතුවන්නේ ඒ අතරය.

කෙසේ වෙතත් ඉන්දියාවේ මේ නිරුවත්වීමේ ස්වරූපය වසා ගැනීමට තවත් බොහෝ කාලයක් යනු ඇත. කඩවුන විශ්වාසය සහ ලබැඳියාව යළි පුරුදු ලෙස ගොඩනගා ගැනීමට පෙර චර්යාත්මකව ඉන්දියාව දැක්වූ අසංස්කෘතික ස්වරූපය ඉදිරියේ දී ලෝකය තුළ ඔවුන්ට හිමි වන තැන අනුව තීරණය වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඉන්දියාව කළේ පට්ට බලු වැඩක්…” චාමර සම්පත් කියද්දී ඉරාන නැවට ගාලු වරායට ඇතුළුවීමට නොදීම ගැන මුජිබර් ප්‍රශ්න කරයි!

Next Post

අයතුල්ලා කමේනි ඝාතනය ඉන්දියාව හෙළා දකියි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.