ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජාතික ජන බලවේගය විසින් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේය. ඡන්ද කොට්ටාස 17කින් 15කම බලය අත් පත්කරගත්තේ ජාතිකක ජන බලවේගය විසිනි.
මින් පෙර මෙම ප්‍රාදේශීය සභාවේ බලය තිබුණේ පොදුජන පෙරමුණේය. එහෙත් මේ පුංචි ඡන්දයේ ජයග්‍රහණය රටේ ජනතා මනෝ භාවයේ ප්‍රකාශනයක් ලෙස පෙනුණේය.
තිස් හය දහස් තුන්සිය පනහක වලංගු ඡන්ද ප්‍රතිශතයක් තිබිණි. ප්‍රදේශීය සභාවේ සමස්ථ මන්ත්‍රීධූර සංඛ්‍යාව වූයේ 30කි. ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකකුත් සමග ජාතික ජන බලවේගය ලබා ගත් මන්ත්‍රී ධූර සංඛ්‍යාව මන්ත්‍රී ධූර 17කි.
සමස්ථ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.
- ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,295 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 15කි. ප්‍රසාද මනත්‍රී ධූරද සමග සමස්තමන්ත්‍රී ධූර සංඛ්‍යාව 17කි.
- සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 7,924 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 06
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 3,597කි. හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 03කි.
- පොදුජන එක්සත් පෙරමුණලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2,612කි. හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 02කි.
- ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2,568 කි. හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 02කි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ආසන 17න් ආසන 15ක් හිමිකරගනිමින් ජය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය සමත් වී වූයේය.
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබුවේය.
- ඒ අනුව, කුඩාගල කදිරන්දොල, තිබ්බොටුවාව, ඇල්ල, අම්බනකහදූව, පිණිකහන, ඉඳිපලේගොඩ, වල්ලඔගල, කැටන්දොළ, තලාව, බටුවන්හේන, නවදගල, අමුගොඩ, මැටිවිලිය, ඕමත්ත, ඇල්පිටිය, යන කොට්ඨාසයන් 15ක ජය වාර්තා කිරීමට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය.
- එහිදී ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 17,295කි. එමෙන්ම පිටුවල, අවිත්තාව ප්‍රාදේශීය කොට්ඨාසයන් දෙකෙහි ජය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ සමගි ජන බලවේගය විසිනි.
- ගියවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හෙබවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ලබා ගන්නේ ඡන්ද 3,594කි. ඔවුන් තෙවැනි තැනය . සමස්ථ ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් තෙවන ස්ථානය ලබාගත් පොදු ජන පෙරමුණ කිසිදු ආසනයක් දිනා ගත්තේ නැත.
- සිව්වන ස්ථානය ලබාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,612කි. මන්ත්‍රී ධූර 2කි.
- පස්වන ස්ථානය හිමිකර ගත්තේ ස්වාධීන කණ්ඩායමවන අතර, ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,568කි. ඔවුන්ටත් මන්ත්‍රී ධූර 2ක් හිමි විය.
මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි සිටි අතර, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරග වැදුනි.
අද පෙරවරු 07 ට ආරම්භ වූ අදාළ ඡන්ද විමසීම පස්වරු 04ට අවසන් වූ අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63.4%ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි ප්‍රකාශ කළේය.
එහිදී සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් 55,643න් 35,255ක් සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ.
ජාතික ජන බලවේගය මාලිමාව ලකුණෙනුත්, සමගි ජන බලවේගය දුරකථනය ලකුණෙනුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මල් පොහොට්ටුව ලකුණෙකුත්, පොදුජන එක්සත් නිදහස් සන්ධානය කුසලානය ලකුණෙනුත්, දෙවන පරපුර පෑන ලකුණෙනුත්, ජනසෙත පෙරමුණ ට්‍රැක්ටරය ලකුණෙනුත්, ජාතික ජනතා පක්ෂය විදුලි බුබුළ ලකුණෙනුත්, පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණෙනුත්, රූපවාහිනිය ලකුණෙන් එක් ස්වාධීන කණ්ඩායමකුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මැතිවණයට ඉදිරිපත් වූහ.








Dena eka denna one loweth nathiwenna…
Dena eka denna one loweth nathiwenna…