බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයියෝ ක්‍රිකට්… තේරීම් කමිටුව තේරූ 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ 15 දෙනා 16ක් කරවා ඩිල්ෂාන් තම දුව ඇතුළට ගනී!

සම්මතයට පිටින් පළාත් තරග වලට දුව ක්‍රීඩා කරවලා... ඇයට වඩා දක්ෂ ක්‍රීඩිකාවන් එළියේ ඉද්දි සංචිතය 16ක් කරන් දුවව අරන්... අවසන් අනුමැතිය ක්‍රීඩා ඇමති ජනපතිගෙන් ලැබෙයි ද?... රට විමසිල්ලෙන්..

by editor
අගෝස්තු 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සැප්තැම්බර්  මස 20 ආරම්භ කෙරෙන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංචිතගත 15 දෙනෙකුගෙන් යුතු සම්මතය 16ක් බවට පත් කර තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඇතුළත් කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මෙම සංචාරයට තේරීම් කමිටුව විසින් තේරූ ක්‍රීඩිකාවන් 15 දෙනකු යුතු නිශ්චිත සංචිතය හදිසියේ 16ක් කර 16 වැනි ක්‍රීඩිකාව ලෙස ඇය ඇතුළත් කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත.

මෙවැන්නක් සිදු කිරීමට නියමිත බව ලංකාසර කලින්ම වාර්තා කර  තිබුණු බව කිය යුතුය. මේ වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ කොන්ත්‍රාත් රැසක් ඉටු කළ බවත් ක්‍රිකට් දූෂණ සොයන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු වෙනුවෙන් ඔහු ඉදිරිපත් වන්නේත් ඉහළ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයට බවත් මධ්‍ය ඔස්සේත් හෙළිදරවු වී තිබිණි.  

මූලික තේරීම් වලදී ජාතික කාන්තා තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන්ගේ දුව ඇතුළත් නොවුනත් ඉහළ පෙළේ ප්‍රබල ක්‍රිකට් බලධාරීන් දෙදෙනකු හා තේරීම් කමිටු සභාපති වරයාගේත් ප්‍රධාන පුහුණුකරුගේත් බලපෑම මත මෙම තේරීම සිදු කර ඇතැයි වාර්තා වන්නේ මේ පසුබිමේදී ය.

පසුගිය අන්තර් පළාත් තරගාවලියේදී ඇයට වඩා දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් තෝරා නොගෙන සිදුකළ මෙම තෝරා ගැනීම සම්බන්ධව මේ වනවිට බරපතල ප්‍රශ්නකිරීමක් සිදුවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන තිලකරත්න ඩිල්ෂාන් සජබයට එක්වී ශ්‍රී ලංකාව තුළ දේශපාලනයේද යෙදී සිටී.

මෙම සංචාරයේ යෙදෙන පුහුණුකරු මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේම කරන ලද සංචාරයකදී බීමතින් රංගනයේ යෙදෙන වීඩියෝවක් සමාජ ගත වීම නිසා එම කණ්ඩායමෙන් ඉවත් කරන ලද අයෙකි.

කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාද තමන්ට තහනම් කටයුත්තක් වුවත් සීනිගම ප්‍රදේශයේ එන්ජීඕ ඇකඩමියක සති අන්ත පුහුණු කිරීම් වල නිරත වන පුද්ගලයකු වන අතර එම ඇකඩමියේ පුහුණුව ලබන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මෙම සංචාරයට තෝරා ගෙන තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ජාතික ක්‍රිඩා කණ්ඩායම්වලට අවසන් අනුමැතිය ලබා දෙන්නේ ක්‍රීඩා ඇමතිවරයා වීමත් මෙම සංචාරය සඳහා තෝරා ගත් සංචිතයට අනුමැතිය ලබා දීම සිදුකළ යුත්තේ මේ වනවිට ක්‍රීඩාව භාර වත්මන් ඇමති ධූරය දරන ජනාධිපතිවරයා වීමත් සම්බන්ධව සියලු දෙනාගේම අවධානය යොමු වී ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එය ඉනිමක් නොවෙයි… නායෙ යෑමක්… ඕවර් 55ක දී ලකුණු 196කට දැවී ගිය විට කවර කතා ද?

Next Post

මැතිවරණ නීති කඩකරමින් ජනපති රනිල්ට සහය දෙන්න ලෑස්ති කළ බිරියානි පාටියේ කෑම මැතිවරණ කොමිසම භාරයට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.