සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි කළේ බුද්ධි අංශ වාර්තා එනකොට මාධ්‍ය සාකච්ඡා තැබීම නොවෙයි… රටේ ආරක්ෂාව උපරිම ක්‍රියාත්මක කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම…

by editor
ඔක්තෝබර් 24, 2024 - Updated on ඔක්තෝබර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගොඩක් අයට අවුල් වගේ… ආරක්ෂාව කලින් වැඩි කළේ නැත්තේ ඇයි අහනවා… කිව්වෙ නැත්තේ ඇයි අහනවා… මතක තබා ගන්න… අපි ආරක්ෂාව වැඩි කරන්නේ එක එක්කෙනාට කිය කිය නෙමෙයි… දැන් මේ රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහතිකයි… ජනපති කියයි

විදේශ සංචාරකයින් අරභයා ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වී තිබෙන බවට වූ තොරතුර ලැබෙනවිට රජයක යුතුකම සහ වගකීම වන්නේ එම තත්ත්වයන් සම්බන්ධව හැකි උපරිම වේගයකින් කටයුතු කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මිසක් බුද්ධි අංශ තොරතුරු එවනවිට පුවත් පත් සාකච්ඡා තබමින් සමාජය ව්‍යාකූල කිරීම නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) පුත්තලමේ දී පැවසුවේය.

පුත්තලමේ පැවති ජන රැළියකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා කීවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එනවිට සිදුකළ යුත්තේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොවන බවත්,  මාධ්‍යවල ප්‍රවෘත්ති පල නොවුන නමුත් දිවා රෑ නොමැතිව ආරක්ෂක මණ්ඩලය රැස් වී සාකච්ඡා කරමින් අවශ්‍ය උපරිම ආරක්ෂාව තහවුරු කළ බවත් ආණ්ඩුවක වගකීම එය බවත් පැහැදිලි කළේය.

මේ රටේ සෑම පුරවැසියෙක්ම මේ වනවිට ආරක්ෂිත බව ජනාධිපතිවරයා සහතික කළේය. මේ වනවිට රටේ ඇති වී තිබෙන ආරක්ෂාව පිළිබඳ සංවාදයට පාදක වූ තත්ත්වය කළමනාකරණය කළ ආකාරය ජනාධිපතිවරයා මෙසේ විස්තර කළේය.

“අපි දන්නවා මේ වනවිට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තියනවා. එ් යුද ගැටුමේ සුළඟ ලෝකය පුරා පැතිරෙමින් තියනවා. එහි යම් යම් අවදානම්කාරී තත්ත්වයන් ලංකාවටත් ඇවිල්ලා තිබුණා. ”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“විශේෂයෙන්ම මේක අපට සති දෙකකට විතර කලින් ආරංචි වුනා. ලෝකයේ ඇවිලී තිබෙන යුද ගැටුමේ යම් දෙයක් ලංකාවේ සිදුවිය හැකියි කියන වාර්තාව.”

“අපි යම් ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා. අපි බුද්ධි අංශ තොරතුරු එනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නෑ… එ්ක මතක තියා ගන්න. බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරුවලට අනුරූපවන පරිදි කටයුතු කිරීම. අපේ වගකීම තමයි පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ අදාල ප්‍රදේශවල ඉතාම වේගයෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරන්න පටන් ගත්තා.”

“ඒ විතරක් නෙමෙයි. බුද්ධි අංශ තොරතුරු මත අපි වේගයෙන් පරීක්ෂණ දියත් කළා. ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දෙනෙක් අපි අත් අඩංගුව ගන්නත් සමත් වුනා. නමුත් ප්‍රවෘත්ති පල වුනේ නෑ. මාධ්‍ය සාකච්ඡා තිබ්බේ නෑ. අපේ වගකීම මොකක් ද?. මොකක් හරි සිදුවීමක් වෙන්න යනවා නම් ඒ සිද්ධිය වැලැක්විම තමයි ආණ්ඩුවක් හැටියට අපේ වගකීම. ඒ සිදුවීම පුරවැසියන්ට හානියක් වීම වැලැක්වීම තමයි අපේ වගකීම.”

“නමුත් වෙනදා මොකක් ද සිද්ධ වෙලා තියෙන්නේ. එක්කො ඒ තොරතුරු සැලකිල්ලට භාජනය කරන්නේ නෑ, එක්කො ඒ තොරතුරු මාධ්‍යවලට දෙමින් විවිධ කලබැගෑනියක් නිර්මාණය  කරනවා. ”

“අපි කලබල වුනේ නෑ. අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි මේ වෙනකොට තහවුරු කරලා තියනවා මේ වෙනකොට. ඒ සඳහා අපේ පොලිසියේ බුද්ධි සේවාවන්ගේ ආරක්ෂක අංශවල නිලධාරීන් සමග ඉතාම සමීපව,  සමහර විට දවසකට අවස්ථාවන් දෙකක් අපි ඔවුන් සමග සාකච්ඡා කළා. රාත්‍රියේ අපි එකතු වුනා. අපි තාක්ෂණය හරහා සාකච්ඡා කළා. අපි නිරන්තරව අවධානය යොමු කරමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජයක් හැටියට ගත හැකි පියවර අපි ගත්තා.”

“අද ලෝකයේ හැම තැනම මෙවැනි සිදුවීම් සිදුවී තිබෙනවා. ඒ පිළිබඳ අවදානම්කාරී තත්ත්වයක් ලංකාව තුළත් ඇති වී තිබෙනවා. දැන් සමහර අය කලබල වෙලා ඉන්නවා. අනෙකා උත්සාහ කරන්නේ කොහොමද?. ඇයි කලින් කිව්වෙ නැත්තේ. කලින් ආරක්ෂාව දාන්න තිබ්බනේ. අපි ආරක්ෂාව දාන්නේ එකිනෙකාට කියලා නොවන බව මතක තබා ගන්න. අපි ආරක්ෂාව සම්බන්ධ පියවර අරන් තියනවා. අද අපි මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගත්තා. අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ… මතක තියා ගන්න.”

“මේක ආණ්ඩුවක්. සෑම අතින්ම පුරවැසියන් බලා ගන්න ආණ්ඩුවක්. ආර්ථික වශයෙන් පුරවැසියන් බලා ගත යුතුයි. ආරක්ෂාව අතින් පුරවැසියන් බලා ගත යුතුයි. අධ්‍යාපනය ලබා දෙන්න දරුවන් බලා ගත යුතුයි. ව්‍යාපාර දියුණු කරන්න ව්‍යාපාරිකයන් බලා ගත යුතුයි. වැඩ කරන ජනතාව බලා ගත යුතුයි. මේ හැම දෙනාම බලා ගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කියන්නෙ. ඒක මතක තබා ගන්න. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිරේ ගිය ජොනී බන්ධානාගර රෝහලට ඇතුළත් කරගන්නැයි  හිටපු මැති ඇමතිවරු ගණනක් බලධාරීන්ගෙන් ඉල්ලයි! සෞඛ්‍ය හොදයි.. උසාවි නියෝගයකින් මිස ඇතුළත් කරගන්න බෑ… බලාධාරීන් දන්වයි! 

Next Post

2006 පකිස්ථාන මහකොමසාරිස්ට බෝම්බ ගැසූ සිද්ධියේ සැකකරුවෙක් අරුගම්බේ සිද්ධියට අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.